Tuesday 30 September 2014

හමුදාවේ වගකීම රට රැකීම මිස රජා රැකීම නොවේ --සරත් ෆොන්සේකා

රටේ හමුදාවේ වගකීම රට රැකීම මිස රජා රැකීම නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, තමන් ඒකාධිපති ලක්ෂණ සහිත නායකයෙකු බවට ඇතැමුන් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.
හමුදාවේ විනය පවත්වාගෙන යාම සඳහා දැඩිව ක්‍රියා කළ ද සිවිල් ජනතාව සමග දේශපාලනය කිරීමේදී එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව ඔහු පැවසීය.
සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ, නිවුස්ෆස්ට් මුහුණට මුහුණ වැඩසටහන සමග එක්වෙමිනි.

තමන්ගේ මෙන් ම සිය පවුලේ සාමාජිකයින්ගේ ද බැංකු ගිණුම්වලට මුද්‍රා තබා ඇති හෙයින් අවම වියදමකින් ජීවත් වන බව ත්, හිතවතුන්ගෙන් ලැබෙන උපකාරවලින් අවශ්‍යතා ඉටු කර ගන්නා බව ත් එහිදී සරත් ෆොන්සේකා මහතා අනාවරණය කළේ ය.

No comments:

Post a Comment