Tuesday 11 February 2014

අරලියගහ මැදුරට රහසිගත 10 දෙනෙක් කැදවයි..

මෙම මැතිවරණයෙන් ආණ්ඩුව වැට්ටවීමේ කුමන්ත්‍රණයක් විපක්ෂය ක්‍රියාත්මක කර ඇතැයිද ඊට ඉඩ දිය නොහැකි යයි  ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ පැවැති රහසිගත සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

මෙම විශේෂ රහසිගත සාකච්ඡාව පසුගිය 09 වෙනිදා සවස 7.30ට පවත්වා ඇති අතර ඒ සඳහා ඡන්දය පවත්වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හයේ දිසා ලේකම්වරුන් හය දෙනා සමග පොලිස්පති ඉලංගකෝන් මහතා ,හමුදාපති දයා රත්නායක මහතා  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතා   ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ මහතා  ආදී සීමිත පිරිසක් කැඳවා තිබිණ. 

ඡන්දයකදී විපක්ෂය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුව වැට්ටවීමට මිස ආණ්ඩුවේ ජය වෙනුවෙන් නොවන බවත්මෙහිදී සන්ධානය පරාජය කර එය රටේ ආණ්ඩුව වෙනස් කිරීමක් දක්වා ගෙනියන ලොකු කුමන්ත්‍රණයක් ඇතැයි පැවසූ 
ජනාධිපතිතුමා, ඊට ඉඩ තබන්නට එපා යැයි දිසා ලේකම්වරුනට පැවසීය.

තමා විසින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා එවන එජනිස මහජන සම්බන්ධතා නිලධාරීන් (පී.ආර්.ඕ) සමග එක්වී සියල්ල සංවිධානය කරන්නැයිද ඒ සඳහා මාර්තු 06 වෙනිදා යොදා ගන්නැයි මැදමූලන මරා සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවකට දිසා ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ ය. එම කටයුතු දිසා ලේකම්වරුන් පුද්ගලිකව සොයා බැලිය යුතු යැයිද පැවසීය. 
මෙහිදී පිටු 9 ක රහසිගත ලියැවිල්ලක් ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක හෙන්දාවිතාරණ 
මහතා විසින්  ජනාධිපතිතුමා වෙත යොමු කළේය. එහි සඳහන්ව තිබුනේ කුමක්දැයි රැස්වීමේදී හෙළි නොවුනි. 

"
අපේ මිනිස්සුන්ව හරස් කරන්න එපා. ආයිත් මට කියන්න ඉඩ තියන්න එපා"යි 
 ජනාධිපතිතුමා ලිස්පතිවරයාට පවසද්දී "මම ඒවාට "ඩී.ආර්.එෆ්.සී" ටීම් වෙන්කරලා තියෙනවා" යි ගෝඨාභය පැවසීය. ගෝඨා එම ටීම් පුද්ගලිකව සොයා බලනවා යයිද පැවසීය. කෙසේ නමුත් එකී "ඩී.ආර්.එෆ්.සී" ටීම් යනු මොනවාදැයි යන්න එතැන සිටි දිසා ලේකම්වරුන්ට තේරුම් ගොස් නැත.

සරන්ශගත උපුටා ගැනීම :- ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය  

No comments:

Post a Comment