Monday 17 February 2014

චන්ද්‍රිකාගේ අවතාර පළාත්සභා චන්දයේ..

.
හිටපු ජනාධිපතිනි,හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිනි චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය නැවත දේශපාලන කරලියට පිවිසෙන බවට විවිද කට කතා පැතිර ගියහ.එහි අලුතම පුවත වන්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකාවාදී අපේක්ෂකයෙක්  මන්ගල සමරවීර මහතාගේ සංකල්පයකට යමින් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ පළමු වැනිය විමට වෙර දරන බවයි.ඊට හේතුව වන්නේ චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ''අත'' ලකුණින් නැවත දේශපාලන කරලියට පිවිසි මොහොතේ මාතර දිස්ත්‍රික්කයේ බලය මංගල සමරවීරට ලබා ගැනීමටයි.ඒ සදහා මෙම ජෙෂ්ට්ට අපේක්ෂකයාට නවමු සංකල්පයක් මංගල සමරවීර මහතා ලබා දී ඇති බව වාර්තා වෙයි.මෙම සිදුවීම මාතර දිස්ත්‍රික් ශ්‍රී.ලං.නි.ප නායකත්වයටද වර්ත වී ඇති අතර ඔවුන් ඉහල නායකත්වයද මේ සම්බන්ධව දැනුවත් කොට ඇත.ඉහල නායකත්වය උපදෙස් දී තිබුනුයේ අනෙක් සන්ධාන සියලුම අපේක්ෂකයන්ට විශේෂ කොට සලකා,මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂික්යන්ද දැනුවත් කොට ඔහු පරාජයට පත් කරන ලෙසටය.

2 comments:

  1. කුහක වෙන්න එපා.හොඳ දෙයක් කරනකොට හොදයි කියන්න කොන්දක් තියෙන්න ඕන

    ReplyDelete
  2. රටට,ජාතියට,සමාජයට වැඩක් කරන්නට සැරසෙන පුද්ගයන් දෝහීන් ලෙස හංවඩු ගැසීමට සැරසෙන නින්දිත සමාජයක අප ජිවත් වන්නෙමු.
    දේශපනලයද එසේමය.
    පෝස්ටර්,කටවුට්,පොලිතින් මගින් පරිසරයට වන හානිය ඇති මහත්ය.එවැනි දෙයක් සිදු නොකොට සොබා සෞන්දර්ය රැකගෙන රටේ ජනතවට ආදර්ශයක් දෙමින් දේශපාලනයක නියලිමත සැරසෙන අභිත් සෙන්පතියෙකුට ,දේශපාලන කුහක්ත්වයෙන් යුතුව වැරදි අරමුණු මුදුන්පත් කරව ගැනීමේ පටු චේතනාවෙන් වැරදි මතවාද පතුරවනන් අප තරයේම හෙළ දකිමු.
    1994 දී ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සංකල්පයක් වූ පොස්ටේර්,කටවුට්,රථ පෙළපාලි නැති දේශපාලනය අප ''''නැවත අරබුවෙමු'''.එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික නායකයෝද සේම තරුණ නායකයෝද අනුමත කළහ.එසේ නම් දේශපාලන කුහකයන්ට ඇති කැක්කුම කුමක්ද?ගරු ජනාධිපතිතුමා අපගේ පක්ෂයේ සේම රටේද නායකයා බව අප පුන පුනා කියන්නෙමු,එසේ නම් අපට කුමටද පෙන්ෂන් ගිය පොලිස් නෝනලා.අපි අපගේ යුතුකම ඉටු කරන්නෙමු.

    මාධ්‍ය ඒකකය,
    නිලංග හෙන්දවිතාරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය.
    139,
    ප්‍රදීපාගාර මාවත ,
    දෙවිනුවර .

    ReplyDelete