Wednesday 26 February 2014

සන්ධාන ලේකම්ට..මැතිවරණයට පෙර උසාවිද ?


මැතිවරණ නීති උල්ලංඝණය වීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කැෆේ සංවිධානය අප්‍රසාදය පලකර සිටියි.

මැතිවරණ නීති උල්ලංගනය වන බවට චෝදනා එල්ල වන නමුත් මනාප අංකය ප්‍රදර්ශනය නොකර මැතිවරණ කරන්නේ කෙසේදැයි ? මෙහිදී විමසා තිබේ. මෙම ප්‍රකාශය මැතවරණ නීති උල්ලංගණය කිරීම සාධාරණීකරණය කිරීමක් සහ එම නීති කඩකිරීමට අනුබලදීමක් ලෙස කැෆේ සංවිධානය හදුන්වයි.

එමෙන්ම මෙම ප්‍රකාශය බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මැතිවරණ ක්‍රියාවලියේ නියැලෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් සෘජු ලෙසම අනුමත කිරීමකි. මැතිවරණයට තරග කරන අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ද මැතිවරණ නීතිය නොතකා කටයුතු කිරීමට දිරිදීමක් ලෙස සදහන් කරමින් කැෆේ සංවිධානය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා වෙත අද (26 ) පෙරවරුවේ ලිපියක් යොමු කරනු ලැබීය.

No comments:

Post a Comment