Wednesday 19 February 2014

මාතරින් ආණ්ඩුවේ කූඩු සරණං ගච්චාමි කියන ඇමති පුතා..



2014 දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන මෙම අවස්ථාවේ,ආණ්ඩුවේ සන්ධාන අපේක්ෂකයන් අතර බොහෝ තරග කාරී බවක් දක්නට තිබේ.සමහරු ජනාධිපතිතුමාට නෑකම් කියන බව ද,තවත් අය අයියගෙන් මල්ලිට බවද ,තවත් අය තාත්තාගෙන් පුතාට බවද,තවත් ප්‍රභූන් ''වෙන්ඩ මහා ඇමතිවරු'' ලෙස ද පෙනී සිටියි.මෙහි තවත් සිදුවීමක් වුයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සගයන් තිදෙනෙක් ද මෙම දිස්ත්‍රික්ක තුනේ සන්ධාන ලැයිස්තු තුල අපේක්ෂකයන් වීමයි.මෙම මැතිවරණයේ බරපතලම සිදුවීම වනුයේ මාතර දිස්ත්‍රික්කයේ එක් සන්ධාන ඇමති පුතකු කූඩු හා සම්බන්ධ ධිවර ශේෂ්ත්‍රයේ මහා පරිමාණ ව්‍යපාරිකයකු හා එක් වී තම මැතිවරණ ව්‍යපාරය මෙහෙයවීමයි.එම ව්‍යාපාරිකයා  සතු වාහන, එම සන්ධාන ඇමති පුතාට ලබා දී ඔහුගේ ජයග්‍රහණය සදහා මුදල් ද වියදම් කරමින් විශේෂ වැඩසටහන් දියත් කරන බව වාර්තා වී ඇත.මෙම ව්‍යාපාරිකයා පසුගිය කාලයේ දකුණේ ධිවර ශේෂ්ත්‍රයේට සම්බන්ධ මහා පරිමාණ කූඩු ව්‍යාපාරිකයකුගේ ලගම හිතවතකු වී සිටි බව ද වාර්තා වේ.මෙම සියලුම තොරතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහල පෙලේ නායකයන්ටද වාර්තා කරමින්,වාසී ලබා ගනිමින් සිටින අපේක්ෂයකු ගැනද  මාතර දිස්ත්‍රික්කයේන් වාර්තා වී තිබේ.මෙම සියලුම කරුණු එක්කාසු කොට ගත කල පක්ෂයට පක්ෂියාට වඩා,තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරවීමට වෙහෙසෙන බව නම් අපට සක්සුදක් සේ පැහැදිලි වන කරුණ වේ.

No comments:

Post a Comment