Wednesday 19 February 2014

ජෙනරාල්ගේ කෙනෙක් නම කැත කර ගනී.

චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් දකුණු පළාත් සභාවට තරග වදින අපේක්ෂක කණ්ඩායමේ උපනායකයා වන පියසේන ගමගේ මහතා මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අපමත මුදා හැර තිබේ.
සැකකරු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහස බැගින් වු මුදල් ඇප දෙකක් මත මුදාහැර ඇත.
රුපියල් දෙලක්ෂ පනස්දහසක් (රු. 250,000) සහ රුපියල් දසදහසක (රු. 10,000) චෙක්පත් දෙකක් වංචා කළ බවට පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මොහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු දෙනියාය කොලවෙනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හැට හැවිරිදි අයෙකි.
නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි දඹදිව වන්දනා ආයතනයක හිමිකරුවකුට මුදල් ගෙවීමේදී සහ දෙනියාය නගරයේ ශබ්ද විකාශන යන්ත්‍ර ව්‍යාපාරිකයෙකුට මුදල් ගෙවීමේදී ‍අගරු චේක්පත් ලබාදී මෙලෙස වංචා කර තිබේ.
ඔහු කොටපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරුයෙකු ද විපක්ෂ නායකවරයෙකු ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද වී සිටි අයෙක් බවද පැවසේ.
ඔහු සභාපතිවරයාව සිටි සමයේ සභාවේ වාහනද යොදාගනිමින් අනියම් බිරිඳගේ නිවසට නීතිවිරෝධී ලෙස දැව ප්‍රවාහනය කිරීමින් සිටියදී අත්අඩංගුවට පත්වූ අතර එම වරදට ඔහුගේ ප්‍රජා අයිතිය පවා තාවකාලිකව අහෝසි කර තිබූ බව ද වාර්තා වේ.
මේ වනවිට ඔහුගේ බිරිඳ එම ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීධූරයක් උසුලන බවද වාර්තා වේ

No comments:

Post a Comment