Monday 10 February 2014

ඇමති බැසිල් රාජපක්ෂගේ පම්පොරිය බොරු වෙයි.


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසු ගිය දිනකදී කරන ලද ප්‍රකාශයක් වුයේ විරුද්ද පක්ෂයේ කිසිවකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ සන්ධාන රජයට නොගන්න බවය.එහෙත් ඒ කීම පැය 24 ක් ඉක්ම යන්නටත් මත්තෙන් බොරුවක් වී තිබේ.ඊට හේතුව වී තිබෙන්නේ මාතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධායක කමක් හා ජනාධිපති සම්බන්ධිකරන ලේකම් කමක් ලබා දී ඇත. එමගින් බැසිල් රාජපක්ෂ් මැතිතුමාගේ ප්‍රකාශය බොරුවක් වී තිබේ.තවද ප්‍රේම සිරි මානගේ මහතාට මේම  තනතුරු දිම සම්බන්ධව දෙවිනුවර ආසනයේ පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජෙශ්ට්ට්යෝ රැසක් කලකිරී ඊයේ දින එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා හමුවී මෙමෙ පළාත් සභා මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමට එකතුවන් බව ප්‍රකාශ කළහ .මේහිදී දෙවිනුවර දික්වැල්ල ප්‍රාදේශීය සභා වල ජෙෂ්ටටම මන්තිවරු 4 ක් සිටින බව වාර්තා වේ.මෙමෙ සිදුවීමෙන් දැඩි ලෙස කලබලයට පත් වී සිටින දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදාන සංවිධායක කාංචන විජේසේකර මැතිතුමා දික්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට මරණ තර්ජන එල්ල කරන බවද වාර්තා වේ 

No comments:

Post a Comment