Wednesday 12 February 2014

මාතරදී අනර්කලී අකාර්ෂා මංගල සමරවීර ඉදිරිපිට වැද වැටෙයි...

රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලබන අපේක්ෂකයා පහත හෙලමින් සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අපේක්ෂකයා මුල්තැනට ගෙනඒමවයඹ දේශපාලන පූර්වාදර්ශය' හෙවත් 'දයාසිරි තියරිය' මේ වන විට තදබල ලෙස මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

මාතර දිස්ත්‍රික්කයේදී මෙසේ සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ විරෝධතාවයට ලක්වී සිටින්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම දේශපාලන හිතවතිය වන අනර්කලී ආකර්ශා මෙනවියයි. රාජපක්ෂවරුන්ගේ බලපෑම මත මාතර දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ නායක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා අනර්කලී මෙනවිය මාතරට රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඔහු පවා ඇගෙන් දුරස් වෙමින් සිටී.

අනර්කලී ආකර්ශා මෙනවිය සහභාගිවන සෑම රැස්වීමක්ම කඩා කප්පල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් කටයුතු කරමින් සිටින අතර ඇය රැස්වීම් ඇමතීමට නැගී සිටින වාරයක් පාසාම එක දිගට හූ කීමට මෙකී පිරිස් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන් අනර්කලී ආකර්ශා මෙනවිය බලවත් අපහසුතාවයකට පත්වී ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පවා පැමිණිලි කොට ඇත. ජනාධිපතිවරයා අනර්කලීට පවසා ඇත්තේ දේශපාලනයෙදි ඔල්වරසන් වගේම හූවටත් පුරුදුවිය යුතු බවයි'. නමුත් ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අනර්කලී තමන්ගේ හිතවතියක් නිසා ඩලස් තමාගෙන් පලි ගැනීමට ඔහුගේ හෙංචයියන් ලවා ඇයට හූ කියවන බවයි. මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අනර්කලී මෙන්ම තම පුත් නාමල්වද අස්වැසීමට සිදු වී ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාව ඇත්තක් බව මේ වන විට ඔප්පු වී ඇත. අනර්කලීට විරෝධය දක්වන පිරිස් හමුවේ ඩලස් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඡන්දය කියන්නේ ජනතාවගේ කැමැත්ත. ජනතාවට කැමති දේ කිරීමට නිදහසක් තිබිය යුතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්' කියාය. තමන් මාතරට කැන්දාගෙන ආ ඩලස් මන්ත්‍රීවරයා මෙසේ තමාට අකාරුණික ආකාරයෙන් සැලකීම පිළිබඳව කම්පාවට හා කළකිරීමට පත් වී සිටින පොදු පෙරමුණේ මැතිවරණ අපේක්ෂිකා අනර්කලී ආකර්ශා මේ පිළිබඳව ඊළඟට පැමිණිලි කොට ඇත්තේ ඇයගේ පලමුවෙනි දේශපාලන ගුරුවරයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙතටය. බලන්න සර්.... මේ මිනිස්සු මට රැස්වීමක කතා කරන්නවත් දෙන්නෑ. මගේ පෝසටර් ඉරනව. මගේ වාහනවල හුළං අරිනවා. මම මාතරට ඇවිල්ලා හරි මෝඩ කමක් කර ගත්තෙ. ඩලස් තමයි මේ සේරම කරන්නෙ. අනේ සර් මගේ කැම්පේන් එකට උදව් කරන්න. මට මේ දවස් ටිකේ ඉන්න තැනක් හොයල දෙන්න.' යනුවෙන් අනර්කලී ආකර්ශා මංගල අමතා පවසා ඇත.

No comments:

Post a Comment