Tuesday 21 January 2014

දකුණේදී ආණ්ඩුවෙන් 11 ක් එනකොට ඒ.ජ.ප.යෙන් 1ක් යයි..අද අවේ....

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත‍්‍රී ආනන්ද පද්මසිරි කාරියවසම් මහතා ලබන 23 දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතය.
මීට පෙර දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා ද එ.ජා.ප.යට එක්විය.
''වජිර අබේවර්ධන එ.ජා.ප. දිස්ත‍්‍රික් නායක ඇතුළු එ.ජා.ප නායකත්වයෙන් ලැබුණු ආරාධනා අනුව නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡ කර එ.ජා.ප.යට එක්වීමට තීරණය කළා. ආණ්ඩුව තමාගේ දේශපාලන ගමනට නිසි සහයක් ලබානොදුන් නිසා වැඩ කළ හැකි තැනකට යා යුතු නිසාත් මෙම තීරණය ගත්තා'' යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ආනන්ද පද්මසිරි කාරියවසම් මහතා පැවැසීය.

No comments:

Post a Comment