Tuesday 21 January 2014

අගමැති සමග පොරබදින නායකයෝ


තමන්ට මත්ද්‍රව්‍ය චෝදනා නගන හෙළ උරුමයේ එක් චීවරධාරියෙක් විවාහකයෙකු වන අතර ඔහුට දාව දරුවන් පස් දෙනෙකු සිටින්නේ යැයි අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා හෙළ උරුමයට යළිත් චෝදනා කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කෙළේය.

මෙවැනි ජරා, අශික්ෂිත, යක්ෂ චීවරධාරීන්ගේ සිවුරු ගලවා අඳනය පිටින් යැවිය යුතු යයිද, තමාට චෝදනා නගන මෙම විවාහක චීවරධාරියා සිංහපිටිය ප්‍රදේශයේ ජීවත්වන්නෙකු බවද ඔහු සිවුරට මුවාවී සිටින බැවින් ඔහුට එරෙහිව කිසිවක් සිදුකළ නොහැකි බවද අගමැතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා මෙසේ කීවේ ඊයේ 20 දා ගම්පොල පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී ය.

පසුගිය දිනකද අගමැතිවරයා මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර එයට එරෙහිව ගෝඨාගේ අතුරු හමුදා වන බොදු බල සේනාවද, සිහල රාවයේ චීවරධාරීන්ද විරෝධතා පෙළපාලි පැවැත්වූහ. ඉන්පසුව ජා.හෙළ උරුමය විසින් අගමැතිවරයාගෙන් කෝටි 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබුනේ "චීවරධාරියා" යනුවෙන් හෙළ උරුමයේ ආචාර්ය ඕමල්පේ දේශපාලන පංචස්කන්ධය ඇමතීමෙන් අපහාස වූවා කියා ය. උපාධියක් දරා සිටින තැනැත්තා උපාධිධාරියා වන්නේ නම් චීවරයක් දරා සිටින තැනැත්තා චීවරධාරියා ලෙස ඇමැතීම අපාහසයක් වන්නේ කෙසේදැයි බුද්ධිමත්හු ප්‍රශ්න කරති. 

මේ අතර අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කිරීම නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ මාර්ගය අවහිර වන ලෙස කළහකාරී ලෙස හැසිරීම චෝදනා යටතේ පසුගියදා දිමුට එරෙහිව උද්ඝෝෂන පැවැත්වූ ජාතික හෙළ උරුමයේ මැද කොළඹ සංවිධායක සුමිත් මැදවත්ත නමැත්තා අද පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

No comments:

Post a Comment