Thursday 9 January 2014

ශිරාල් ලක්තිලක ,මෙත්‍රී ගුණරත්න රනිල් වික්‍රමසිංහට වැද සමව ගනී ..?

පක්ෂයෙන් නෙරපනු ලැබ සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන්හට ඉදිරියේදි යළි කිසිදු මැතිවරණයකට නාම යෝජනා ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයෙන් නාම යෝජනා දෙන ලෙස ලිඛිතව ඉල්ලා සිටියදිත් මන්ත්‍රීවරු දෙදෙනා පක්ෂයේ විනය නීති උල්ලංඝනය කරමින් දිගින් දිගටම කටයුතු කිරිම සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරියේදි පැවැත්විමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වෙනුවෙන් නාම යෝජනා ලබා දෙන ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් පක්ෂයෙන් ලිඛිත ඉල්ලිම් කරන ලදී.

එම කරුණ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමර්ශනය සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති කබිර් හෂිම් සහ එක්සත් නායකත්ව මණ්ඩල සභික නිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් වෙත එක්සත් නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පවරනු ලැබිය.

මෙහිදි පළමුව ශිරාල් ලක්තිලක මහතාද දෙවනුව මෛත්‍රී ගුණරත්න මහතාද එක්සත් නායකත්ව මණ්ඩලික සභික නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවි සාකච්ඡා කළහ.

එසේ පක්ෂයත් සමඟ සාකච්ඡා කරනා අතරේදි පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඔහුගේ අත්සනින් යුතුව ගාල්ල දිස්ත්‍රික් පාක්ෂිකයන් වෙත යවනු ලැබු ලිපිය මඟින් පක්ෂයට බලවත් හානියක්ව ඇතැයි එක්සත් නායකත්ව මණ්ඩලය කරුණු අනාවරණය කරගනු ලැබිය.

එසේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා විසින් පක්ෂයට එරෙහිව කරනු ලැබු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද නායකත්ව මණ්ඩලය දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කර ඇත.

ඒ අනුව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු මැතිවරණයකට නාම යෝජනා නොදීමට තීරණය කළ බව නායකත්ව මණ්ඩලයේ ප්‍රකාශකයෙකු කීවේය.

No comments:

Post a Comment