Monday 20 January 2014

දොස්තර හා හෙද සේවිකාව රෝහල් කාමරයේ මාට්ටු වුන හැටි

සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති සම්මන්ත්‍රණයකදී වෛද්‍යවරුන් හා හෙදියන් හොරෙන් කරන වැඩ ගැන අනාවරණය වී තිබේ.
දිවයිනේ ප්‍රධාන පෙලේ රෝහල්වල අධ්‍යක්ෂවරුන් ද ළඟ තබාගෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්ම මේ හෙළිදරව්ව කරතිබීම මෙහි විශේෂත්වයයි.
“මේවා මීඩියාවලට යායුතු නැහැ” යි කියා මෙම හෙළිදරව්ව කර තිබුනත් අපවෙත වාර්තාවූයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කනිෂ්ට කාර්ය මණ්ඩල හි ඇතැම් අය රාජකාරි වේලාවන් වලදී සේවා ස්ථානවලින් බැහැරව ගොස් කරන සමහර දේවල් බොහොම නොහොබිනා බව ට හෙළිවී ඇතියි අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කල බවයි.
ජාතික ලේ බැංකු ශ්‍රවනාගාරයේදී පැවති මෙම සම්මන්ත්‍රණයේදී තවදුරටත් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සඳහන් කර ඇත්තේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසියේ කඩා පනින හමුදාවක් (Flying squad) යොදවා නියමිත රාජකාරි වෙලාවේ රෝහල් තුල රැඳී නො සිටින අය හසුකර ගැනීමේ මෙහෙයුමක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ (රාගම රෝහල ) හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල රෝහල ) හි කල මෙහෙයුම් වලදී රාගම රෝහලේ පමණක් 40 දෙනකු කොටුකරගත් බවයි.
“මේ අය ට ප්‍රබල වෘත්තීය සමිති තිබෙනවා. එහෙත් මේ සියලු වාර්තා කෙලින්ම මා වෙත ලබා ගන්නා ලෙස ඇමතිතුමා නියෝගකර තිබෙනවා” යි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබේ.
සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනතා හිතකාමී සෞඛ්‍ය සේවයක් මෙරටේ ඇති කිරීමේ හුදෙකලා සටනක නියැලී සිටින අතර ඖෂද සමාගම් සහ ඇතැම් සෞඛ්‍යසේවා වෘත්තීය සමිති එම වෑයම අඩපන කිරීමට දැරූ උත්සාහයන් ගැන ද පසුගිය වකවානුව තුල වාර්තාවිය.

No comments:

Post a Comment