Monday 20 January 2014

මහා ඇමති රන්ජන් වේ....

බස්‌නාහිර ඡන්දයේදී මහ ඇමැති අපේක්‌ෂකත්වය සඳහා හත් අටදෙනකු අතර නාම යෝජනා ලබා ගැනීමට තරගයක්‌ පවතින බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම පිරිස අතරින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතාට වැඩි තැනක්‌ හිමිවී තිබෙන බවද ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති පුටුවට තරග කිරීමේ අවස්‌ථාව තමාට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි.

එම අවස්‌ථාව ලැබුණු මොහොතේම තමා පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරෙන් ඉවත් වන බවද හෙතෙම කීවේය.

No comments:

Post a Comment