Monday 20 January 2014

එ .ජා.ප.ලයිස්තුවේ සිටින සංධාන ප්‍රබලයෝ මෙන්න

දකුණු පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ප්‍රභූ පවුලක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පා.මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පැවසීය. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා ප්‍රධාන අපේක්ෂකයා ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය. පක්ෂයේ කිහිප දෙනෙක් ඒ සඳහා ඉල්ලීම් කර ඇති බවද පැවසූ මහලේකම්වරයා කියා සිටියේ, පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයට යෝජනා කමිටු 6ක් පත්කර ඇති බවය.

No comments:

Post a Comment