Wednesday 22 January 2014

ශ්‍රී.ම.ප මුල් වී ,හිරුනිකාගේ දේශපාලන ජීවිතය විනාශ වෙයි..,

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය වෙනත් පක්ෂයකින් මැතිවරණයට පැමිණීම පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශකළ දිනයේම මහජන පක්ෂයේ ලේකම්වරයක් ලෙස දේශපාලන මණ්ඩල රැස්වීමට පැමිණි බවත් ඇය එහිදී ප්‍රකාශකළ දෑ මාධ්‍ය ඉදිරියේ කිවහොත් ඇයට රටේනත් ඉන්න බැරිවන තත්වයක් උදා වන බවත් එම පක්ෂයේ ලේකම් අසංක නවරත්න මහතා ඊයේ (21) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබේ.
ඔහු එහිදී පවසන්නේ "හිරුණිකා ප්‍රේම චන්ද්‍ර මෙනවිය සහ රේණුක පෙරේරා ගැන ඉදිරියේදී තීරණය කරනවා. රේණුක පෙරේරා දැනටමත් පක්ෂයෙන් ඉවත්කර අවසානයි. හිරුණිකා මෙනවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් සභාවට තරඟ කරනවා කියා තිබූ දවසෙම අපේ පක්ෂයේ උප ලේකම්වරයක් ලෙස අපේ දේශපාලන මණ්ඩල රැස්වීමට පැමිණියා.
එතුමිය එහිදී කළ කතාව මා මාධ්‍යයට කිව්වොත් එතුමියට ඡන්දය ඉල්ලන්න තියා රටේවත් ඉන්න ලැබෙන්නේ නැහැ. එතුමියට නැතිවුනාට අපට දේහපාලන සදාචාරයක් තිබෙන නිසා ඒවා හේළිකරන්නේ නැහැ" යනුවෙනි.
මැතිවරණ කාලෙට අපි හොඳටම අසරණ වෙනවා...
මෙහිදී මහජන පක්ෂයේ ලේකම්වරයා තව දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ සන්ධානයේ මහ පක්ෂය වන ශ්‍රීලනිපය මැතිවරණ කාලෙට තම පක්ෂයේ ක්‍රියාකාරීන්ව අසරණභාවයට ඇද දමන බවයි.
"පළමු පළාත් සභා මැතිවරණයේදී අපේ මන්ත්‍රීවරුන් අසූ අට දෙනෙකු තේරී පත්වුනා. පසුගිය පළාත් සභාවලදී නාමයෝජනා ලබාදීමේදී අපට සාධාරණය ඉටවුනේ නැහැ. එම නිසා මෙවර දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී කොලඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දෙකක් සහ අනිකුත් දිස්ත්‍රික්කවලින් එක බැගින් ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.
එසේ අපට නාමයෝජනා නොලැබුනොත් පක්ෂයේ පැවැත්ම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්න සිදුවෙනවා."
"මැතිවරණ කාලෙට අපේ පක්ෂය අන්ත අසරණ වෙනවා. අප ඉල්ලා සිටින නියෝජනය ලබා දෙන්නේ නැහැ. අප මෙවරත් ඉල්ලා සිටින්නේ සොච්චම් නියෝජනයක්. එයත් ලබා නොදෙන්නේ නම් අප බරපතල තීන්චුවක් ගත යුතු වෙනවා. පළාත් සභාවල අයිතිය, උරුමය අපට තියෙනවා. එදා ජේ. ආර්.ගේ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවට පළමු කැමැත්ත ලබා දුන්නේ අපේ ක්ෂයයි." යනුවෙන් එම පක්ෂයේ සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජේ. ඇම්. කරුණාපාල මහතා පවසා තිබේ.

No comments:

Post a Comment