Monday 20 January 2014

හාල් කිලෝවක මිල නොදත්,දුප්පතුන් වෙනුවෙන් හඬ නගන ඇමති දුව...?

දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
අයියෝ මතක නැහැ.



• තාත්තාගේ නම ?
ජීවන් කුමාරතුංග.

• ඔබේ නම මොකක්ද?
ශලනි මල්ශා කුමාරතුංග.

• වයස කීයද?
26යි.

• ඉගෙන ගත්ත පාසල?
Whcherley ජාත්‍යන්තර පාසල.

• ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද?
මම ලන්ඩන්වල LLB Law කළා.

• දැනට කරන රැකියාව මොකක්ද?
මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ඉස්සර තාත්තිගේ ප්‍රයිවට් සෙකටි‍්‍ර විදියට හිටියා.

• ඡන්දෙට එන දිස්ත්‍රික්කය?
කොළඹ.

• මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම?
මගේ තාත්ති දේශපාලන වශයෙන් ගොඩාක් වැඩකරන කෙනෙක්. මම තාත්තිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මට මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න පුළුවන්වීම දේශපාලනයට එන්න හොඳ සුදුසු කමක් කියලා.

• ඡන්දෙට කීයක් වියදම් කරනවාද?
ඒ ගැනනම් තාම හිතලා නැහැ.

• රටේ ආර්ථිකය දැන් දියුණු වෙලාද?
ඔව් මම හිතනවා ඒක එහෙමයි කියලා. අපේ මේ තියෙන රජය පුළුවන් තරම් හොඳට ආර්ථිකය හසුරුවනවා.

• උද්ධමනය කියන්නේ මොකක්ද?
භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම.

• දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
අයියෝ මතක නැහැ. මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ.

• පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද?
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්.

• ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?
ඒකට නම් "නෝ කමෙන්ට්" 

• ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා?
මහින්ද දේශප්‍රිය.

• නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද?
මෙහෙමයි, ඒ අයට කොලිෆිකේෂන් තියෙනවා කියලා හිතනවානම් පක්ෂවලිනුත් ඒ අයට චාන්ස් එකක් දෙන්න කැමැතිනම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා.

• පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු හාමුදුරුවෝ කවුද?
හාමුදුරුවෝ නම් මතක නැහැ. එහෙම වුණානම් මතකයි.

• 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද?
නැහැ. මම හිතන්නේ දැන් තියෙන විදිය හොඳයි.

•මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද?
ඕන දේක කාලේ යනකොට වෙනස්වීමක් තියෙනවා. ඒ විදියට අලුත් පරම්පරාවත් එක්ක දැන් තියෙන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හදලා වෙනස් වුණොත් හොඳයි.

• ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද?
ජේ.ආර්. ජයවර්ධන.

• සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද?
ඒකනම් මතක නැහැ.

• පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ?
225යි.

• ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ?
මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාව වෙනුවෙනුත් යමක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා.

• කැසිනෝ ලංකාවට ඕනැද?
ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

• ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද
එක පාරට මතකෙට එන්නෙ නැහැනේ.

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ?
අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව.

• කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු?
ඒක පක්ෂයේ තීරණයක්.

• උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද?
TNA එකට

• ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද?
මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවලින් එළියට යන හැම කෙනාටම විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි විදේශීය විශ්වවිද්‍යාල ලංකාවේ ඇතිකළා කියලා ප්‍රශ්නයක් නැහැ.

• රඟපාන්න කැමැති නැද්ද?
රඟපාන පැත්තට අකැමැත්තක් නැති එක නෙවේ, හැබැයි මම හිතන්නේ මට හොදටම කරන්න පුළුවන් ජොබ් එක මේක තමා.

• මේ කරන්නෙත් රඟපෑමක්?
ඒ කිව්වේ.

• දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ?
ඒක එක එක්කෙනාට හිතෙන විදිය. හැබැයි මමවත්, තාත්තවත් දේශපාලනයයි, රඟපෑමයි පටලව ගන් නැහැ. මම රඟපෑම පැත්තකින් තියලා දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා.

No comments:

Post a Comment