Wednesday 8 January 2014

මල්ෂා කුමාරතුංගගේ මැෂිම මුළු කොලබටම චන්ද වැඩට

තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය මෙවර බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ.
උපන් දා පටන් සිය පියාගේ දේශපාලන ගමන් මගේ දී ලැබූ අත්දැකීම් සහ අධ්‍යාපනික පසුබිම යටතේ දේශපාලනයට එක්වීමට තමන් තීරණය කළ බව මල්ෂා කුමාරතුංග පවසයි.

ශ්‍රී ලංකාවේ විචලි ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය නිමා කළ මල්ෂා කුමාරතුංග පසුව එංගලන්තයට ගොස් එහි රෙඩින්ග්ස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී නීතිය පිළිබඳ උපාධිය දිනා ගෙන පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දී ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂමාන පණ්ඩිතරත්න මහතා සමග විවාහ වූ මල්ෂාගේ මාමා කෙනෙකු වන්නේ ජනප්‍රිය නළු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතායි. අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර විජය කුමාරතුංග මහතා මල්ෂාගේ සීයා වෙයි.

No comments:

Post a Comment