Monday 6 January 2014

අයිතීන් ඉල්ලා වෙද්‍යවරු යලි සටනට...........

දේශීය වෙද්‍යවරු තමන්ට තිබෙන ගැටළු වලට නිසි පිළියමක් නොලැබුනොත් ඊට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ ආයුර්වේද වේද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත වාර්තා වී ඇත.රජයේ බටහිර වෙද්‍යවරුන්ට ලබා දෙන රැපියල් 70000 ක් පමණ වන දීමන කිසිවක්‌  දේශීය වෙද්‍ය වරුන්ට නොලැබෙන අතර වෙද්‍ය වරුන් සියලු දෙනාටම සමානව සැලකීමේ  ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටින බව එම සංගමය අදහස වී තිබෙන බව  අපට දැන  ගන්නට ලැබී තිබේ.ඒ හේතුවෙන්  දේශීය වෙද්‍ය සේවාව සම්පුර්ණයෙන්ම බිද  වැටි ඇති බවද එම නිසා දේශීය වේදය සේවාව ආරක්ෂා කර ගනිමින්,ජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන අයුරින් රජයේ ආයුර්වේද වේද්‍ය නිලධාරීන්ගේ ගැටලුව විසදා දිය යුතු බව ඔහුන්ගේ අදහස වී ඇති බව වාර්තා වේ .

No comments:

Post a Comment