Wednesday 15 January 2014

එ.ජා.ප යෙන් එන අලුත්ම මුහුණ

රජිව් ගාන්ධිට තුවක්කුවෙන් ගැසූ විජිත රෝහණ එජාපයට 1987 දී ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට තුවක්කුවෙන් පහර දුන් නාවික සෙබල විජිත රෝහණ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ. ඊයේ සවස (13) සිරිකොත මූලස්ථානයේදී මෙම සමාජිකත්වය ලබාගැනිම සිදුව ඇති බව වාර්තාවේ. විජිත රෝහණ මීට පෙර සිහල උරුමයේ සාමජිකයෙක්ව සිටි ඇති අතර පසු කළෙක ඉන් ඉවත්වී කෘෂි කාර්මික කටයුතු සදහා තම දිවිය කැප කර සිටියේය. එළඹෙන පළාත් සභා මැතිවරණයට බස්නාහිර පළාත් සභාවෙන් තරග කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සදහන්වේ. 1987 ජුලි 29 වැනි දින ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සදහා දිවයිනට පැමිණි ඉන්දීය අගමැති වරයාට පැවැත් වූ ආචාර පෙළපාලියේදී ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කිරීම සදහා මෙසේ ඔහු විසින් තම තුවක්කුවෙන් අගමැතිවරයාට පහරදුන් බව අධිකරණය හමුවේ කරුණු තහවුරු කළේය. ඒ අනුව ඔහු සිරගත කළ අතර පසුව ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදෙන ලදී.

No comments:

Post a Comment