Wednesday 8 January 2014

සජිත්,තලතා ,මද්දුම බණ්ඩාර එ .ජා.ප.යෙන් එලියට දන්නා තීරණය කරයිද ?

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයා පත් කිරීම ඇතුළුව නව තනතුරු ප්‍රදානය කිරීම් කිහිපයක් අද (8 ) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු කෙරෙත්දී ඊට සහභාගිවූ සජිත් හිතවාදීන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ගැන වචනයක් හෝ කතා නොකළහ.
රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය එ. ජා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙවර සහභාගී වුයේ කලකට පසුවය. විශේෂයෙන් එ. ජා. පක්ෂයේ නායකත්ව මණ්ඩලය පත කිරීමෙන් පසු ඔව්හු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වර්ජනය කල අතර මෙවර රන්ජිත් හා තලතා ඊට සහභාගී කරවූ සජිත් සුපුරුදු පරිද්දෙන් මෙවර ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මග හැර සිටියේය.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රවී සමරවීර මහතා සහ අමරා පියසීලි රත්නායක එ. ජා. ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ උපදේශකවරුන් සේ පත්කරනු ලැබිණි.රේණුකා හේරත් මහත්මිය පක්ෂයේ උප සභාපති වරියක ලෙස පත්කිරීම ඇතුළුව නිල බලයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරනු ලබන සාමාජිකයන් ගේ නම් අනුමත කිරීමද සිදු කෙරිණි.

ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ,ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විදේශ නිල සංචාරයකට සහභාගී වීම ගැන ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරී ඇති අතර ඊට පැහැදිලි කිරීමක් කල පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුනේ ජනාධිපතිවරයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ ස්ථනයේ ආගමික උත්සවයකට සහභාගී වන බැවින් ඊට ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා සහභාගී කරවා ගත හැකිදැයි ඇමති මහාචාර්ය ජි.එල් .පීරිස් විමසු බවය .

“ ආගමික උත්සවයකට ජෝන්ව සහභාගී කරවා ගත්තට කමක් නැහැයි කියා මා කියුවා .එහෙත් මේ සංචාරය අතරවාරයේ ජෝන් ගැන වාර්තාවන තොරතුරු ගැන ලංකාවට පැමිණි වහාම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තබා කරුණු පැහැදිලි කරන්න යයි මම ජෝන්ට උපදෙස් දුන්නා” යි වික්‍රමසිංහ මහතා කියා තිබුනි.

No comments:

Post a Comment