Tuesday 28 January 2014

නිලියන් සමග මැතිවරණ සටනට එන "ගිරවා"


බෙලරූස්හි ප්‍රාදේශීය සභා මැතිවරණයට තම සුරතල් ගිරවා ඉදිරිපත් කිරීමට එරට දේශපාලන ක්‍රියාකාරිකයෙක් සූදානමින් සිටිනවා. කැන්ස්ටැන්ට්සින් සුකොවුස්කි තම සුරතලාට ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක්ද සකසාගෙන තිබෙන්නේ එළැඹෙන මැතිවරණය සදහායි. මසූර්හි මැතිවරණ කොමසාරිස් කාර්යාලයද මේ හැඳුනුම්පත පිළිගැනීමට එකඟ වී තිබෙනවා.

තම ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති සුකොවුස්කි පවසන්නේ බෙලරූස් දේශපාලන ක්‍රියාවලියේ දූෂිතභාවය ඉස්මතු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි. එසේම දඩයක් පැමිණවීමට පෙර ඉක්මනින්ම ඡන්ද අයැදුම්පත අස්කර ගැනීමටද ඔහු පියවර ගෙන ඇත. ගිරවාගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය වී ඇත්තේ 'සල්ලිවලට මොකද වුණේ?' යන්නයි.

පසුගියදා අප රටෙන්ද වාර්තා වූයේ එළැඹෙන පළාත් සභා මැතිවරණය සදහාද නිළියන් ගායිකාවන් රොත්තක් ඉදිරිපත් වන බවයි. ඔවුන්ටද නාමයෝජනා ලබාදීමට ප‍්‍රධාන පක්ෂ දෙකම කි‍්‍රයාකර තිබෙනවා. නිළියන් මැතිවරණයට ඉදිරිපත් කරන්නේ වත්මන් ජන විඥාණයට අනුව බව විජිත් විජිතමුණි සොයිසා මහතා පවසනවා. ඔහුට අනුව වත්මන් ජනවිඥාණය වැටී ඇති හෝ වට්ටවා ඇති නූගත් තත්ත්වය ගැන පාලකයින් සිටින්නේ ඉතා හොද අවබෝධයකින්. එයට අනුව එළැඹෙන අනෙකුත් මැතිවරණයන්හීදී මෙරටද ගිරවුන් හාවුන් පමණක් නොව ගොන්නුන් මීහරකුන්ද ජනවිඥාණයට අනුව මැතිවරණයන්ට ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.        

No comments:

Post a Comment