Monday 20 January 2014

ඇමතිවරයා නිවේදිකාව කැසිනො කෙල්ලක් කරයි..


සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී.බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. මෙම ප්‍රදර්ශනය 31 වන දක්වා පැවැත්වේ. එහිදී මේ දිනවල ලප සාස්තර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් මැවූ ඇමතිවරයා කතාවක් කරමින් පවසා තිබුනේ මාධ්‍යය විසින් මැටි වැඩ කරන බවයි. දඹුල්ලේ පැවති එම උළෙල ආවරණය කල මාධ්‍යවේදීන් අවධානය යොමුකොට තිබුනේ ඇමතිවරයාගේ කතාවට නොව එම උත්සවයේ නිවේදන කටයුතු සඳහා කොළඹින් ගෙන ආ ඉංග්‍රීසි නිවේදිකාවගේ නිරාවරණය වූ පිට දෙසය. එම පිටේ පච්චා ගසා තිබීම ඔවුන්ට ගැටළුවක් වී තිබුණි. ඒ අනුව එම පුවත වාර්තා කිරීමේදී ඉංග්‍රීසි නිවේදිකාව පිට නිරාවරණය වන ලෙස හැට්ටයක් ඇඳ සිටි බවත් එහි පච්ච කොටා තිබු බවද මාධ්‍යය වාර්තාවට ඇතුළත්කොට තිබුණි.

No comments:

Post a Comment