Wednesday 17 September 2014

ඇමතිගේ කැඩුණු සපත්තුව තුලින් මතු වූ ජිනා මැඩම්ගේ රහස...

ඊයේ (16) පස්වරු 7.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරටේම නියෝජිතයින් සහ මැතිඇමතිවරුන් ඉදිරියේ ආරම්භ වුණු උත්සවයක අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැලඳ සිටි සපත්තු කැඩී යාමෙන් අපහසුතාවයකට පත්ව ඇත.  
අවසානයේදී ගිවිසුම අත්සන් කර ඇත්තේද කැඩුණු සපත්තු යුගලද පැලඳගෙන වන අතර අමාත්‍යවරයා ගිවිසුම් අත්සන් කරන ස්ථානයට ගොස් ඇත්තේ කකුල් දෙක නිරාවරණය වී තිබියදීය.
චීන මාධ්‍ය, ප්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුම ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කර ඇත්තේ සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසිනි.
චීනය වෙනුවෙන්අත්සන් තැබීම සිදු කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප්‍රකාශක, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උප අමාත්‍ය ජියැන්ග් ජියන්ගාඕ මහතායි.
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ 2012 වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ සපත්තු ආනයනය කිරීමට ඉහළ ගොස් ඇති බවයි.
                                                                                  මෙම ඇමතිවරයා හා ප්‍රසිද්ධ ගණිකා මඩම් ව්‍යාපාරික කාන්තාවක වන ජිනා මැඩම් අතර යම් සම්බන්ධයක් තිබුණු බවටද විශාල ආන්දෝලනාත්මක කථාවක් ද පැතිර ගියහ.එය හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් ගොතන ලද පුවතක් බවට පසු ප්‍රකාශ විය


No comments:

Post a Comment