Tuesday 30 September 2014

ජනපතිට දෙවිනුවරදී විෂ්ණු දෙවියන් දුන් දඩුවම

විජය කුමරු ලංකාවට පැමිණෙන විට,කුමාරයා  ඇතුළු පිරිස ආරක්ෂා කර ගැනීමට බුදු රදුන් පැවරුවේ උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ටය.එතෙන් පටන් ලක් දෙරණේ ආරක්ෂකයා වන්නේ උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ය.උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අතිඋත්තම මහා දෙවොල පිහිට්යේ ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර හෙවත් දෙවුන්දරය.දෙවුන්දර වැසියන් ශ්‍රී විෂ්ණු දෙවියන්ට තම ජීවිතය වුවද කැප කිරීමට සුදානමින් සිටිති.එහෙත් පසුගිය කාලය පුරාවටම දෙවිනුවර විෂ්ණු දේවාලයෙන් අසන්නට ලැබුණු යහපත් ආරංචි නොවේ.මෙවර අසල පෙරහරේ කරඩුව බිමට ඇද වැටුණි.එය හස්ති රාජයා පිට තැබුවේ ජනපති දෙටු පුත් යෝෂිත රාජපක්ෂ විසිනි.නැවතත් එහි තිබු අකුණු සන්නායකය පන්නා විකුණා දැමුවෙයයි විශාල කට කතාවක දෙවුන්දර හා මුළු දකුණු පළාත පුරා පැතිර ගියහ.ඊට පසු කිරිගරුඩ පිළිමයක් ජනධිපතිතුමා අතින් ස්ථාපනය කෙරින.එම උත්සයට පැමිණ සිටි සියලුම දෙන දේවල බුමියට පැමිණියේ පාවහන් නොමැතිවය.ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණක් පාවහන් පැළද  සිටියහ.එහි විපාකය ලෙස බදුල්ල මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාව බොහෝ පිරිස් ජනාධිපතිතුමා නායකත්වය දරන ආණ්ඩුව ප්‍රතිශ්ෂේප කරන්නට විය.එම ජයග්‍රහණයට මුල්වූ කර්මය වන්නේ  උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ට කිරිගරුඩ ප්‍රතිමාවක් පුඅජ කිරීම බව දෙවිනුවර ජනතාවගේ මතය වි තිබේ.

No comments:

Post a Comment