Wednesday 10 September 2014

ලෝකයේ නරකම පුද්ගලයා තෝරන්න ඔබත් චන්දය දෙන්න,එන්න.

විවිධ ක්ෂේත‍්‍ර යටතේ ඕනෑම පුද්ගලයෙක් මහජන කැමැත්ත අනුව ශ්‍රේණිගත කරන ලෝකයේ ද රැන්කර්නම් සංවිධානය විසින් කරන ලද ශ්‍රේණිගත කිරීමක් අනුව පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ නරකම මිනිසුන් යන ක්ෂේත‍්‍රය යටතේ නමවෙනි ස්ථානයට ශ්‍රේණිගත සිටි නමුත් මේ වන විට රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිව ඇත්තේ එම ශ්‍රේණියේ 19 වන ස්ථානයයි.නමුත් මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 11වෙනි ස්ථානයටත්, බැසිල් රාජපක්ෂ මහතා 14වන ස්ථානයටත් නාමල් රාජපක්ෂ මහතා  24වෙනි ස්ථානයටත් පත්ව ඇත.මේ  හැරුණු කොට පළමු 50 දෙනා අතර සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා වන්නේ LTTE නැගෙනහිර පළාතේ නායක වූ වාර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණ අම්මාන්ය  (2014.08.29 දින පෙරවරු 11.44 වන විට)

                                                                     තවමත් මෙකී ශ්‍රේණියේ පළමු තැන දිනාගෙන ඇත්තේ රුසියාවේ සිටි ඒකාධිපති පාලකයා වූ ජෝෂප් ස්ටාලින් වන අතර එහි දෙවැනි තැන දිනාගෙන ඇත්තේ ජර්මනියේ හිටපු කුප‍්‍රකට ඒකාධිපතියා වූ ඇඩොලොෆ් හිට්ලර් ය.

මොවුන්ට අමතරව පොල්පොට්, ඉඩි අමීන්, මා ඕ සේතුං, ඔසාමා බින් ලාඩන්, කිම් ජොන් ඉල්, හෙන්රිච් හිම්ලර්, සදාම් හුසේන් හා ජෝශප් ගොබල්ස් යන අය පළමු 10 දෙනා අතරට පත්ව ඇත.
                                                                   පහල තිබෙන ලින්ක් එකට ගොස් ලෝකයේ නරකම පුද්ගලයා විය යුත්තේ කවරෙකුද යැයි  ඔබගේ  මනාපය  පල කරන්න. 




No comments:

Post a Comment