Wednesday 10 September 2014

ඌව නි.පොලිස්පතිට අසුචි ප්‍රහාරයක්...,කැෆේ මුලික වෙයි

ඌව පළාත් මැතිවරණයට අංක තහඩු රහිත වාහන හෝ ගරාජ් අංක සහිත වාහන යොදා නොගන්නා බවට ඌව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ඊයේ (9දා) මොනරාගලදී පැවැති මාධ්‍ය සකච්ඡාවකදී ප්‍රකාශ කළ අතර, එයට පිළිතුරු දෙමින් එවැනි වාහන කිහිපයක ඡායාරූප කැෆේ සංවිධානය විසින්මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
                                          ‘කළු පාට, සුදු පාට ඩිෆෙන්ඩර් මොනරාගල නෑයනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවත්, ඊයේ (9දා) ලුනුගල - පස්සර පාර, පස්සර ක්‍රීඩාංගනය සහ බදුල්ල නගරයේදී මෙම ගරාජ් අංක සහිත රථයක් දක්නට ලැබුණ බව කැෆේ සංවිධානය කියයි.

                                  එසේම සැප්. 8 වැනිදා සී 2014-2015 දරණ නිසාන් වර්ගයක් මොනරාගල පොලිස් ස්ථානය ඉදිරිපිට තිබුණ බවත් කැෆේ සංවිධානය පවසයි.

No comments:

Post a Comment