Wednesday 10 September 2014

මුස්ලිම් අන්තවාදය එපා,අපි අරාබියේ ඉස්ලාම් කාරයෝ නෙවි.---මොහොමඩ් මුසම්මිල් - ජාතික නිදහස් පෙරමුණ

මුස්ලීම් ගෑණු ළමයින් රජරට විශ්ව විද්‍යාලය තුළදී මූණ වහගන්න එක අනිවාරය කරමින් මුස්ලීම් අන්තවාදීන් විසින් සිදුකරන අරාබිකරනයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ (විමල් වීරවංශගේ පක්ෂය) මොහොමඩ් මුසම්මිල් විසින් සිදුකරන ලද ප්‍රකාශය මෙන්න.
"අපේ රටට ඉස්ලාම් ආගම ආවේ අරාබිකරයෙන් නෙමෙයි. අපේ රටට ඉස්ලාම් ආගම පැමිණියේ ඉන්දියාව හරහායි.... අපිට කළින් පරම්පරාවේ අය මුහුණ වහගෙන හිටියෙ නෑ. ඒ කාලේ සිංහල මිහිහයි ඉස්ලාම් මිනිහයි වෙන් කිරීමේ සාධකයක් විදිහට ඇඳුම පත් වුණේ නෑ. එනිසා මැදපෙරදිගකරනය කරන්න උත්සාහ දරන අන්තවාදීන් නිසා අමාරුවේ වැටෙන්නෙත් සාධාරණ මුස්ලීම් මිනිස්සුමයි. අද බලහත්කාරයෙන් මැදපෙරදිගකරනයක් කිරීමට සමහර කුඩා කල්ලි කණ්ඩායම් උත්සාහ දරනවා. මේකට සමහර මෝඩ, බුද්ධිමත් භාවයකින් තොරව කල්පනා කරන සමහර අය මේ ක්‍රියාවලට හසු වෙනවා." - මොහොමඩ් මුසම්මිල් - ජාතික නිදහස් පෙරමුණ
සමහර දේශපාලඥයින් මෙන්ම සමහර චීවරධාරීන් පවා තවමත් මුස්ලීම් අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින  බව ඔබට මතක ඇති. එහෙත් මේ වන විට සමහර මුස්ලීම් දේශපාලඥයින් පවා මුස්ලීම් අන්තවාදය විවේචනය කරන තැනට පැමිණ තිබීම  ඔබ අප මෙතුවක් කල් ගෙන ගිය අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයකි.

No comments:

Post a Comment