Tuesday 30 September 2014

එ.ජා .ප යේ සමගිය නිසා මවුබිම කොළ වෙයි

එජාප නායකත්වයෙන් හා වත්මන් එජාප නියෝජ්‍ය නායකයාගෙන් ලැබුනා වූ ආරාධනයක් මත, ‘මව්බිම’ පුවත්පත් ආයතනයේ අධිපති ටිරාන් අලස් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
මේවනවිට ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
ටිරාන් අලස් මහතා, එජාප නායකත්ව අර්බුදයට විසඳුමක් ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා යලි එජාපයේ නියෝජ්‍ය නායකයා කිරීම සඳහා  පසුගිය සති කිහිපයෙහි  දැඩි වෙහෙසකර උත්සහයක් දැරිය.
ඒ සඳහා සක්‍රිය වැඩකොටසක් ඉටුකළ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ  හා ටිරාන් අලස් මහතාගේ ක්‍රියාකාරිත්වය සමහරක් මාධ්‍ය විසින් බරපතල ලෙස විවේචනයට ද ලක්කර තිබිණ.

කෙසේවුවද, එවැනි විවේචන  මාධ්‍යයේ පවා එජාපය තුල සමගියක් ඇති කිරීමට ටිරාන් අලස් මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට බොරැල්ල ආසනයේ එජාප සංවිධායක ධුරය පිරිනැමීමට එජාප නායකයා තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment