Thursday 25 September 2014

ශ්‍රී.ලං.නි.ප ය රැවටු ඩිලාන් පෙරේරා ඇමති කමින් ඉල්ලා අස්වෙයිද?

ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි චන්ද 6000 කින් පමණ ජයග්‍රහනය කළහ.එහෙත් එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වන්නේ වත්මන් කැබිනට් ඇමති ඩිලාන් පෙරේරා මැතිතුමාය.
*මාහට දිනය-----මතක නැත එහෙත් 2014 පෙබරවාරි 20 වාගේ දිනකය.
*ස්ථානය---------මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල,2014 *අවස්ථාව---------     දකුණු පළාත් මැතිවරණයේ දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති නිලධාරීන් ඇමතීම,
* සහබාගිත්වය----ඇමති ඩලස් අලහප්පෙරුම් ,ඇමති ඩිලාන් පෙරේරා,දකුණු පළාත් මන්ත්‍රීවරුන් වන             කන්චන විජේසේකර ,නිලංග හෙන්දවිතාරණ ,අරුණ ගුණරත්න
       දෙවිනුවර,දික්වැල්ල ප්‍රා.සභා සභාපතිවරු හා මන්ත්‍රී මණ්ඩලය ,දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස්           පක්ෂ ශාඛා සමිති නිලධාරීන්
*ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ කතාවේ එක කොටසක්
       '''........ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අනුව 50000 සාමාජික ප්‍රමානයක්              ඉක්මවූ ආසන 5යි තියෙන්නේ ඉන් එකක් බදුල්ල හාලිඇල මගේ ආසනය,එක මේ පාර දිනන්නේ               වැඩි චන්ද 40000 කින්.......'''
එසේ පාරම් බැ ඇමති ඩිලාන් පෙරේරාට සිදුවුයේ චන්ද 46000 කින් පරාජය වීමටය.එසේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තිබෙන බොහෝ පිරිස් විපක්ෂයට තම චන්දය බාවිතා කරන බව පෙනී යයි.එසේ නම් ජාතික මැතිවරණයකදී ආණ්ඩුවේ තත්වය කෙසේ වෙයිද..?

No comments:

Post a Comment