Wednesday 10 September 2014

හලාවත උප නගරාධිපති ඇමති රාජිත සේනාරත්නට හු කියයි

හලාවත මෝය කට සකස් කිරීම සම්බන්ධයෙන් හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (09) පැවති සාකච්ඡුාවකදී ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට ප‍්‍රදේශයේ ධීවරයන්ගෙන් සහ ප‍්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා. එම විරෝධය හමුවේ සාකච්ඡාව අතරමග නවතා අමාත්‍ය රාජිත සේනාරත්න එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
හලාවත මෝය කට සකස් කිරීම සහ ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වන ගැටලූ පිළිබඳවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. මෙම සාකච්ඡාවට ධීවර සමිති සාමාජිකයින්ට ආරාධනා කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුර ප‍්‍රදේශයේ ධීවර සමිති සාමාජිකයින් සහ ප‍්‍රාදේශීය දේශපාලඥයින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලූ වී සාකච්ඡාව පැවති ස්ථානයට පැමිණියා. එහිදී ඔවුන් ප‍්‍රකාශ කළේ හලාවත මෝය කටේ වැලි පිිරීම හේතුවෙන් ධීවර යාත‍්‍රාවලට සිදුවන අනතුරු වළක්වාගැනීමට හැකි ආකාරයෙන් මෝය කට සකස් කර දෙන ලෙසයි. එසේම හලාවත - අඹකඳවිල ප‍්‍රදේශයේ තහනම් පන්න ක‍්‍රම භාවිතා කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බවත් එය වළක්වා දෙන ලෙසත් ධීවරයන් ඉල්ලා සිටියා. එහෙත් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කළේ නැහැ. එහිදී ධීවරයන් අමාත්‍යවරයාට දැඩි විරෝධයක් පළ කළා.
ධීවරයින්ගේ විරෝධතාව නිසා සාකච්ඡාව අතරමග නවතා දමා ධීවර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටවූ අතර ඉන් පසුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප‍්‍රදේශයේ ධීවරයින් කිහිපදෙනෙක් කියා සිටියේ ධීවර අමාත්‍යවරයා තම ගැටළුවලට කිසිදා ස්ථිර විසඳුමක් ලබා නොදුන් බවයි. ඔහු තම වගකීම පැහැර හරිමින් විවිධ පාර්ශව වෙත ගැටළුව යොමු කරන බවට ඔවුන් චෝදනා කළා.
ධීවරයින් සමග එක්වී හලාවත නගර සභාවේ උප සභාපති සුසන්ත සංජය ද, ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එහිදී විරෝධය පළ කිරීම විශේෂත්වයක්.


No comments:

Post a Comment