Monday 10 March 2014

පලිගැනීම අවසන් නැ... ඒ සිදුවීම ලිංගික හිංසනයක්...

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුමේ ශෝචනීය වසර දෙක තුනේදී, සිදුවූ සිදුවිම් පිළිබඳ විඩියෝවේ කිසිඳු වරදක් නොමැති බවත්, එම සාක්ෂි තමා බලා ඇති බවත්, ඒවා කුරිරු දර්ශන බවත්, කැල්ලම් මැක්රේ ප්‍රකාශ කළේය.

යුද්ධයේදී 05 දෙනෙකු මිය යැම සුළු සිද්ධියක් විය හැකි වූවත් යුද්ධයේ අවසන් මාස වලදී, රජයේ ෂෙල් ප්‍රහාර වලින් පමණක් සාමාන්‍ය වැසියන් 40,000 වැඩි ප්‍රමාණයක් මියයෑම සුළු සිද්ධියක් නොවේ. මියගිය සටන්කාමිනියන්ගේ සිරුරු වෙත නැවත නැවත ලිංගිකමය හිංසන හමුදාව විසින් කරන බව එම දර්ශන තුලින් දැක ගත හැකිය. මෙම විඩීයෝව ලබාගෙත ඇත්තේ කුමන කාලයකදීද, යන්න අප නිවැරදිව නොදන්නෙමු. යුද්ධයේ අවසන් වසර දෙක තුනේදී එය විඩීයෝ ගත කරන්නට ඇත. හමුදා සෙබලෙකු තම ජංගම දුරකථනයෙන් විඩියෝ ගත කිරිම කරයි‍. තවත් හමුදා සෙබලෙකු සිංහලෙන් කථා කරයි.

එම විඩියෝවෙහි සිටින හමුදා සෙබළුන් විශේෂ බලකායේ සෙබළුන් විය හැකිය. ඔවුන් මියගිය සටන්කාමිනියන්ගේ සිරුරු වලට ලිංගික හිංසාවන් සිදුකර මහ හඩින් සිනහා වෙයි. මියගොස් සිටින්නේ කව්ද යන්නත්, ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්නත් අප නොදන‍්නෙමු. ඔවුන් නිල ඇදුම් පැළඳ නැත. 

අධිකරණ වෛද්‍ය විශේෂඥ අචාර්‍ය රිචට් සෙපර්ඩ් මෙම විඩියෝව පරීක්ෂා කර සත්‍ය විඩියෝවක් බව තහවුරු කර ඇත. සිරුරුවල දැකගත හැකි සමහර තුවාල යුද පිටියේදී, ඇතිවූ ඒවා බව ඔබ සිතිය හැකි නමුත්, මෙය එවැනි තුවාල නොවන බව ඔහු ප්‍රකාශ කර ඇත. මෙම තුවාල, ඝාතන වලට සාක්‍ෂි බව ප්‍රතික්ෂේප කල නොහැකි බවත් වෙඩි තැබීමකින් මෙම තුවාල සිදුවන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය අපට ලබාදී තිබූ ඩිඡිටල් විඩියෝ බ්‍රිතාන්‍ය අධිකරණයේ සේවය කරන ස්වාධීන පුද්ගලයෙකු පරීක්‍ෂා කර ඇත. ඔහුද විඩියෝව සත්‍ය බව තහවුරු කර ඇත.

මෙම විඩියෝව සම්බන්ධයෙන් පිළිතුරු දුන් ශ්‍රී ලංකා රජය, විමුක්ති කොටි සමාජිකයින් හමුදා සෙබළුන් ලෙස නිල ඇදුම් ඇඳගෙන සිංහල හමුදාව මෙන් සිංහලෙන් කථාකර ඇති බව ප්‍රකාශ කර ඇත.

ළමා සොල්දාදුවන් බඳවාගෙන මහජනතාවගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ලකල විමුක්ති කොටීන් විශාල යුද අපරාධ වල නිරත වූවේය යන්න පිළිබඳ සැකයක් නොමැත. නමුත් රජයට තම කටයුතු සාධාරණිකරණය කිරීමට එය භාවිතා කල නොහැකි බව මැක්කේ වැඩිදුරටත් සදහන් කරයි.

විමුක්ති කොටීන්ගේ රූපවාහිනී නිවේදිකාව යුද්ධයේදී, ජිවක්ග්‍රහයින් හසුවීමෙන් පසු ඝාතනය කිරිම සම්බන්ධ විඩියෝ අප නිකුත් කළෙමු. නමුත් වෙඩි ප්‍රහාරයකදී, ඇය මිය ගිය බව ශ්‍රී ලංකා රජය අවධාරණය කර ඇතයනුවෙන් කැල්ලම් මැක්රේ ප්‍රකාශ කර ඇත.

2014.03.09 වන දින චැනල් 04 මාධ්‍යවේදියා නිකුත් කල පුවතට පෙර පසුගිය මාස වලදී ලංකා ශ්‍රී ගුවන් විදුලියට ලබාදුන් විශේෂ සාකච්ඡාවේදී තවත් සාක්ෂි නිකුත් කරන්නෙමියනුවෙන් කැල්ලම් මැක්රේ ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment