Sunday 9 March 2014

ආණ්ඩුවේ ඇතුලත පිපිරිම උග්‍ර වේ..ඩලස් අලහප්පෙරුම එලියට ...?

2014 පළාත් සභා මැතිවරණය කෙමින් කෙමින් ලංවත්ම එහි උණුසුම එන්න එන්නම වැඩි වී තිබේ.විශේෂයෙන්ම එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරම ගැටුම් පවා ඇති වී තිබේ.ගාල්ල දිස්ත්‍රික්කයෙන් හිටපු මහා ඇමති ශාන් ලාල් හා බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ලං.නි.ප සංවිධායක ගීත කුමාරසිංහ අතර දැඩි වාග් ප්‍රහාරයක් දියත් වේ.හම්බන්තොට දිස්තික්කයේ හිටපු පළාත් ඇමති ඩි .වී උපුල් හා හිටපු    පළාත්ඇමති කෙනකු වූ එම්.කේ රංජිත්ගේ පුතා වන එම් .කේ කසුන් ,හිටපු පළාත් සභා සබාපති සෝමවංශ යන අපේක්ෂකයන් දැඩි තරගයක නිරත් වී තිබෙන්නේ හම්බන්තොටින් පළමුවෙනිය වීමටය.මාතර දිස්තික්කයෙන් සරත් යාපා,පසද යාපා ,චන්දිම රාසපුත්‍ර,මනෝජ් සිරිසේන ,බින්දු වීරසිංහ ,වීරසුමන වීරසිංහ අතරේ පළමු තෙනට පැමිණීමට සිතල යුද්දයක් පවතින බව අපට දන ගන්නට ලැබී තිබේ.මාතර දිස්ත්‍රික්කයේ සියලුම ස්ථාන තීරණය වන සාධකය වන්නේ දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ ආශිර්වාදයයි.මේ වන විටත් දිස්ත්‍රික් නායක වරයාගේ දෝෂදර්ශනයට ලක් වී තිබෙන අපේක්ෂකයන් තිදෙනකු හදුනා ගෙන ඇති බවද වාර්තා වේ,එහි ජනප්‍රිය තරුවක්,මුහුදට සම්බන්දට හිටපු මන්ත්‍රී වරයෙක්,ඒ වගේම මත්පැනට ලොල් හිටපු මන්ත්‍රී වරයකු වශයෙනි.ඔවුන් දිස්තික්  නායකයා රුකඩයකට තබා ගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටු කරගෙන ඉදිරියට යාමට සැරසෙයි.නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ කටවුට්,බැනර්,පෝස්ටර් ආදිය යොදා  ගනිමින් තමන්ගේ චන්ද ව්‍යාපාරය කරගෙන යනු ලබන්නේ දිස්ත්‍රික් නායකයා මුල්ලකට විසි කර දමමිනි.ඒ සදහා දිස්ත්‍රික් නායකයාගේ රුව වත් යොදා නොගැනීමට ඔවුන් තීරණය කර තිබේ .මේ පිලිබදව මේ අවස්ථව වන විට (2014-03-09- 8.07pm) හදිසි සාකච්චාවක් දිස්ත්‍රික් නායකවරයා විසින් තමන්ගේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ හිතවතුන් හා  සිදු කරමින් පවතින බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත වාර්තා වී ඇත.  

No comments:

Post a Comment