Monday 17 March 2014

මැලේසියා ගුවන් යානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රහසිගත ගුවන් තොටකට

සතියකට අධික කාලයක් සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් MH370 යානය ශ්‍රී ලංකාවේ උතුරු දිග කොටසේ පිහිටි කුඩා පරිමාණයේ සුලභව භාවිතයට නො ගන්නා ගුවන් තොටුපළකට ගොඩ බස්වන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ. ඔස්ට්‍රේලියාවේBusiness Insiderවෙබ් පිටුවේ මේ බවසඳහන් කර ඇත. ගුවන් යානාව අතුරුදන් වීමත් සමග ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් විවිධ කටකතා අතරට එක් වූ අළුත්ම කතාව මෙය බව වාර්ථා වේ.
යාපනයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තයන්ගේ පාලනයට කලකදී නතුව පැවැති ප්‍රදේශයක පිහිටි මෙම ගුවන් තොටුපොළ පිහිටි පරිශ්‍රය මේ වනවිට රජයේ පාලනයට යටතේ පවතී. කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස විය හැකි බවට සැක කරෙන සිය ගණනක් වූ ස්ථාන අතුරින් උතුරේ මෙම ගුවන්තොටුපොළ තවත් එකක් පමණක් බවද අනාවරණය කෙරී තිබේ. එම ගුවන්තොටුපොළේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.
මේ අතර අතුරුදන් ගුවන් යානාව සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම් සඳහා මේ වනවිට රටවල් විසි පහක් සම්බන්ධ වී සිටී. මෙහෙයුම් සිදුකරන කලාපය මධ්‍යම ආසියාවේ සිට දකුණුදිග ඉන්දියානු සාගරය දක්වා දක්වා පුළුල් කර තිබේ. ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සිදුකරන මෙම මෙහෙයුම් මේ වනවිට වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන ඇති බව මැලේසියානු ගමනාගමන ඇමැතිවරයා පවසයි.
මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානාවේ බලය කවුරුන් විසින් හෝ පවරා ගෙන ඇතැයි යන සැකය මත එහි ගමන්ගත් කාර්‍ය මණ්ඩලයේ සහ මගීන්ගේ තොරතුරු සොයා විමර්ෂණ කටයුතු අරඹා ඇත. මේ අතර යානය පියාසර කරන්නට ඇතැයි සැලකෙන රටවලින් තවදුරටත් රේඩාර් හා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමට විමර්ෂකයන් පෙළඹී සිටිති. යානාව රේඩාර් තිරයෙන් මැකී යද්දී ගුවන් සැතපුම් 2530ක දුරක් ගමන් කළ හැකි ඉන්ධන එහි ගබඩා වී තිබූ බව අනාවරණය වෙයි. වැඩි විස්තර මෙතනින්
රුක්ලන්ති පෙරේරා

No comments:

Post a Comment