Monday 10 March 2014

පාර්ලිමේන්තුවේ මිනි කන මාළුවෝ.....

දියවන්නා ඔය ආශ්‍රිතව ඇමේසන් වනාන්තරයේ ජීවත් වන මිනිස් මස් පවා ආහාරයට ගන්නා මත්ෂ්‍ය විශේෂයක් වන පිරානා නැමැති මසුන් ඇතැයි සැක කරන බව පරිසරවේදීන් අදහස් පළ කොට ඇත. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණයන් මේ වනවිටත් දියත් කොට ඇති අතර ස්ථිර වශයෙන් ඔවුන් සිටින්නේ දැයි පැවසිමට නොහැකි බවද ඔවුන් සදහන් කර සිටී. 
කෙසේ නමුත් පිරානා මසුන් සිටිය නොහැකි වුවත් ඊට සමාන මත්ෂ්‍ය විශේෂයක් වන පක්කු paccu සහ ඩොලර් ෆීෂ් dollar fish යන මත්ෂ්‍ය විශේෂයන් සිටිය හැකි බව පරිසරවේදී කැළුම් මන්මේන්ද්‍ර ආරච්චි සදහන් කරයි.
පරිසරවේදීන් වැඩිදුරටත් සදහන් කර සිටින්නේ අදාළ මත්ෂ්‍ය විශේෂයන්ට ජීවත්වීමට තරම් සුදුසු පරිසරයක් දියවන්නාවේ නොමැති බවත් එතරමටම දියවන්නා ජලය දූෂිත බවත්ය. එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදී කැළුම් මනමේන්දු සදහන් කරන්නේ පිරානා විශේෂයන්ගෙන් බඩ රතු පිරානා serrasalmusnattereri සහ තිත් වැටුනු පිරානා spotted perana සහ සුදු පිරානාට ලෝකයේ ඕනෑම ජල මූලාශ්‍රයකට හැඩ ගැසීමේ හැකියාවක් පවතින බවයි.
කෙසේ නමුත් වන ජීවී දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අදාළ මත්ෂ්‍යයින් දියවන්නාවේ සිටින්නේද යන්න පිළිබද පරික්ෂණ සිදුකරන බවත් එසේ සිටින්නේ නම් ඔවුන් ඉවත් කිරිම සදහා කටයුතු කරන බවත් සදහන් කර සිටී. දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සදහන් කරන්නේ මෙම මසුන් සුරතල් මසුන් බෝකරන්නන් විසින් දියවන්නාවට මුදාහැර ඇති බවට සැක කරන බවයි.

No comments:

Post a Comment