Monday 3 March 2014

හම්බන්තොට කියන්නේ මුදා නොගත් ප්‍රදේශයක්--සරත්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හම්බන්තොට වීරකැටියේදී ජනහමුවකට යලිත් බාධා..

ජනහමුව පවත්වාගෙන යාමට පොලීසිය විසින් අවසර ලබා නොදේ.....

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හම්බන්තොට වීරකැටියේදී සංවිධානය කරන ලද රැස්වීමක් පැවැත්වීමට පොලීසිය විසින් අවසර ලබා නොදුන් අතර ජනහමුවේ පිළිගැනීමේ උත්සවය පමණක් සිදුවිය. 

එම බාධා මධ්‍යයේ ජනතාව වෙත අදහස් දැක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා,

"
අද ආණ්ඩුව විපක්ෂයේ පක්ෂවලට ජනතාව ඇමැතිම සදහා ලවුස්පීකර් පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ තරම්ම බයයි විපක්ෂයට. මේ මැතිවරණ පවතින කාලයක් ඒත් මැතිවරණ කොමසාරිස් ඉන්නේ නමට පමණයි. අනිත් පැත්තෙන් පොලිස් පතිත් මැතිවරණ කොමසාරිස් වරයා විදියට ම අසරණ වෙලා".

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා,

"
අද හම්බන්තොට මිනිස්සු ඉන්නේ මුදානොගත් ප්‍රදේශක, ඔවුන්ට කට අරින්න පුළුවන් කෑම කන්න බත් කන්න විතරයි. අපි රට වටේම යනකොට තේරෙනවා හම්බන්තොට මිනිස්සු විතරයි මේ කියන තත්වයේ සිටින්නේ".

No comments:

Post a Comment