Friday 21 March 2014

මැලේසිය ගුවන් යානයේ මගින් සියල්ල මිය යයි...

පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන්  රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු  පෙන්වා දී ඇත.ඔහු මතකයන් තුළට  යාමට හැකි  ප්‍රවීනයෙකු ලෙස සැලකේ .
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවාය . යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.
සුදේෂ් කරුණාතිලක  - බහරේන්


No comments:

Post a Comment