Wednesday 12 March 2014

පොට්ට නවුෆර් ජනාධිපතිට ලියු ලිපිය...මේකද

තමා ඉතාමත් යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරයේ ජීවත් වෙන නමුත් ඇතැම් පුද්ගලයන් තමාට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරන අතර තමාගේ ප්‍රශ්න කිව හැක්‌කේ ජනාධිපතිතුමන් වෙත පමණක්‌ යෑයි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ දැන් බදුල්ල බන්ධනාගාරයේ පසුවෙන මොහොමඩ් නවුෆර් නොහොත් පොට්‌ට නවුෆර් විසින් සිය අත්සනින් යුතුව ලියන ලද ලිපියක්‌ බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයා මාර්ගයෙන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත යවා ඇත.
තමා බෝගම්බර බන්ධනාගාරයේ කලක්‌ සිටි අවධියේදී බන්ධනාගාරයෙන් පැනයෑමේ සැලැස්‌මක්‌ තමා සංවිධානය කළ බව රාවයක්‌ ප්‍රචාරය කර තිබූ අතර තමා තුළ එවැනි අදහසක්‌ නැති බවද තමා බදුල්ල බන්ධනාගාරය තුළ ඉතා නිදහස්‌ ජීවිතයක්‌ ගත කරන බවද මෙම ලිපියේ සඳහන් කර ඇත.

No comments:

Post a Comment