Monday 31 March 2014

සන්ධානයේ බලවතුන්ගේ මනාප මංකොල්ලය

2014 පළාත් සභා ප්‍රතිපලය නිකුත් වී දැනට පැය 48ක් පමණ ඉක්ම ගොස්ය.කෙනෙක් ජයග්‍රහණය කර ඇත .තවකෙක් පරාජයට ඇත.ඒ දේශපාලන පක්ෂ ප්‍රතිපලයයි.එම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ මනාප ප්‍රතිපලය නිකුත් වී නම් 48 ක් නම් ගත වී නොමෙත.දැන් සියලු දෙනාටම නැතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අපේක්ෂකයන්ට තිබෙන ප්‍රශනය නම් මනාප ගණන් කරනු ලබන ස්ථානයේ තිබු මනාප සංඛාව අවසාන ප්‍රතිපලයේදී නොමැති වීමයි.හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාගේ හා  අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අරුණ මනිමේල්වඩු මහතාගේ මනාප සම්බන්ධව ගැටළුවක් මතු වී තිබේ.ගියවර නිශාන්ත මුතු හෙට්ටිගම මහතා හා මනාප සම්බන්ධව අමනාප වූ කෙනකු හා මහත් ආන්දෝලනයකට ලක් වූ ශ්‍රී .ලං.නි.ප ආසන සංවිධායක කෙනකුගේ නම්  මේ සදහා එකතු ඇති බව පට වාර්තා වී තිබේ.මේ පිළිබධව අප අම්බලන්ගොඩ නගරාධිපතිවරයාගෙන් විමසීමට උත්සහ කල අවස්ථාවේ එතුමාගේ ජංගම දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ''නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ නම් වෙන මොන කතා ද''' කියාය.මාතර දිස්ත්‍රික්කයේද මෙම සිදුවීම සිදු වී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ රණවිරු අපේක්ෂක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කොඩිතුවක්කු මහතාගේ ,හිටපු දකුණු පළාත සභා මන්ත්‍රී බන්දු රණවක මහතාගේ,හා දෙවිනුවර  අසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මහතාගේ මනාප සම්බන්ධව විශාල ගැටළුවක් මතුවී තිබේ .මේ පිළිබඳව චෝදනා එල්ල වන්නේ ඇමතිවරුන් දෙපලකට හා වෙනත් දිස්ත්‍රික්කයක ඉහල පුටුවක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටය.ඔවුන් එම ඥාතිවරයා හා ලේකම් වරයා දිනවීමට මෙම අනිසි කටයුත්ත සිදුකර ඇති බව ආරංචි වන අතර,අනෙක් ඇමති වරයා බලයෙන් උන්මාද වී සිටින හෙයින් දිස්ත්‍රික්කයේ පළමු තැන ලබා ගැනීමට මෙය සුදු කල බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම අසාධාරණයට ලක් වූ සන්ධාන අපේක්ෂකයන් වුයේ හිටපු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ ,සිරිපාල ජයවීර ,එස්.වී.පි ආනන්ද.,ගුණසෝම වික්‍රමසිංහ ,මදුලාල් වීරසිංහ යන අයගේ මනාප ,සන්ධානයේ ප්‍රබලයන් දෙදෙනෙකුට එකතු කර ඇති බවද අපට වාර්තා වී ඇත. මේ සියලුම තොරතුරු වලින් අපට ගම්‍ය වන්නේ චන්ද ගණන් කිරීම හෝ මනාප ගණන් කිරීමේදී ගැටළුවක් මතු නොවුනද ,එම මනාප අපේක්ෂකයනට එකතු කිරීමේදී ගැටළු ඇති වී තිබෙන බවය.මෙහිදී අප නම් සදහන් කිරීමට අකමැති එක අපේක්ෂකයකු අදහස් දැක්වුයේ මෙම අඩුපාඩුව පෙන්වා දීමට උත්සහ කල අවස්ථවේ එම නිලධාරීන් ප්‍රකාශ කලේ '''කම්පියුටර් එකේ තියෙන ඒවා තමයි දෙන්නේ  '''කියාය.මේ තත්වයේ සැබැව කුමක්ද?ඉදිරිදී එයද හෙළි කරන්නෙමු  

No comments:

Post a Comment