Monday 17 March 2014

චන්ඩි මල්ලිගේ පුතා පියා ගිය මගම යයි..මැරකම් නිමක් නැත...

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.කේ. අමිල අහංගම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ කනට ගසා ඇති බව වාර්තාවේ. පසුගියදා ගාල්ල- මාතර අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමින්තෙන් ඉමදූව ප්‍රවේශය(වටවන) අසල පැවැති සංගීත සංදර්ශනයක් අවස්ථාවේදී මේ සිදුවී තිබේ.

සංගීත සංදර්ශනය පැවැත්වෙමින් තිබු භූමියට එම්.කේ අමිල හෙවත් චණ්ඩි මල්ලීගේ පුතා පොලිසියේ අණ නොතකා තමා පැමිණි වාහනය හා තවත් වාහන දෙකක් ඇතුළු කිරීමට උත්සහ ගෙන ඇති අතර ඒ අහංගම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් වලක්වා තිබේ. එහිදී වූ බහින් බස් වීමේදී අමිල විසින් නිළධාරියාගේ කනට ගසා අසභ්‍ය භාෂාවෙන් බැණවැදී ඇත. එහිදී තමන්ගේ වාහනයේ කුඩු ඇති බවත් ඒවා දමා නිළධාරියාව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටත් ඔහු විසින් තර්ජනය කර ඇත.

පසුව ඔහු ව්‍යාජ අංක තහඩු සහිත එම වාහන පෙළ එම භූමියට ඇතුලත් කර ඇත. මේ දෙනෝදාහක් බලා සිටියදී සිදුවූවක් වන අතර ඒ වාර්තා කිරීමට එම ප්‍රදේශීය මාධ්‍යවේදීන්ද පියවර ගෙන නැත.

මෙවර මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා භීෂණය පතුරවමින් සිටින්නේ අමිල විසින්ය. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ඔහු ,මෙවර මහ ඇමැතිවන්නේ ඔහුගේ සොහොයුරා  බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් දී ඇති බවද පවසයි.

මේ අතර එම සංගීත සංදර්ශනය පැවැති රාතියේදී ඒ අසල මත්පැන් වෙළදාමක්ද සිදුව ඇති අතර එය ඉමදූව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී උදාන කුසුම්පතිරණගේද සම්බන්ධතාවයක් සහිතව පවත්වාගෙන යන මත්පැන් අලෙවිහල් හිමියකු පියවර ගෙන ඇත. මෙහිදී ලාබාල වයසේ පසුවූවන්ටද මත් පැන් විකිනීම සිදු කොට ඇත. ඊට විරෝධය පෑ ගම්වාසීන් දෙසීයක පමණ පිරිසක් පසුව මේ මත්පැන් අලෙවිහල ට පහරදී ඒ විනාශ කිරීමට පියවර ගෙන තිබේ. මෙම මත්පැන් අලෙවිහලේ හිමිකරුවා අහංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේද ළඟම හිතවතකු වන අතර ගැ‍ටුම වැලැක්වීමට ඔහු පොලීසිය සමඟ මැදිහත්වී ඇත්තත් පොලිස් නිළධාරීන්ටද ගම්වාසීන් විසින් පහරදීම සිදි කොට ඇත.

ඉන් තුවාල ලත් විසි දෙනෙකු පමණ ඉමදූව හා කරාපිටිය රෝහල් වල ප්‍රතිකාර ලබයි.


No comments:

Post a Comment