Monday 17 March 2014

සමීක්ෂණ ප්‍රතිපල අනුව ආණ්ඩුව පළාත් චන්ජය පාරද වන ලකුණු

මේ වෙන විට ලැබී ඇති අළුත්ම ආරංචිය අනුව මෙවර බස්නාහිර සහ දකුණු පලාත් සභා මැතිවරණයේ ආණ්ඩුවේ ජන්ද සැලසුම අසාර්ථක වී ඇති බවත් කෙසේ හෝ මෙම පලාත් සභා දෙක ජයග්‍රහණය කිරීම සදහා යොදා තිබූ සැලසුම් අසාර්ථක වී ඇති බවත් ආණ්ඩුවේ ප්‍රභලයින් විසින් කරන ලද අභ්‍යන්තර සමීක්ෂණයකට අනුව මෙම මැතිවරණයේදී ආණ්ඩුව පරාජය වීමට ඉඩ කඩ ඇති බවත් වාර්ථා වීමෙන් පසුව ඔවුන්ගේ උපායන් සහ උපක්‍රමයන් වෙනස් කිරිමට තීරණ කොට ඇත හෙල උරුමය අපේක්ෂකයාට බස්නාහිර පලාත් කණ්ඩායම් නායකකම ලබා දීමෙන් බලාපොරොත්තු වූ ජන්ද පදනම තිබූ ප්‍රමාණයටත් වඩා අඩු විය හැකි බවයි මෙම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ
කෙසේ වෙතත් කණ්ඩායම් නායක පාර්ෂවය මෙහිදී පෙන්වා දී ඇත්තේ වනාතේ සිද්ධියද ජන්ද අඩු වීම සදහා බලපා ඇති බවත් ආණ්ඩු පක්ෂයේ සමහර කන්ඩායම් තමන්ට නිසි සහයෝගය ලබා නොදෙන බවත් එම පාර්ෂවය විසින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙම සමීක්ෂණ වාර්ථාවෙන් පසුව වියරු වැටී ඇති ප්‍රභලයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සමහර කොටස් ජන්දයට පෙරම ආණ්ඩුවට ගෙන ඇත්තේ එමගින් ජන්ද දායකයින්ගේ උද්යෝගය විපක්ෂයෙන් වෙනතකට යොමු කර වීමට බව එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.
මේ අනුව මිලග සැලසුම වී ඇත්තේ රතුපස්වල මෙන් ජනතාව තුල භීතියක් ඇති කොට ජන්දය දා විපක්ෂයේ පිරිස් ජන්ද පොලට එන එක වලක්වා ගැනීම බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයට අවාසි සහගත ප්‍රදේශ වල ජන්දයට පෙර යම් යම් සිද්ධි ඇති කොට ජන්දය දැමීමට පැමිණීමේ ඉඩ කඩක් ඇති කල හැකි බවත් ලංකා ඊ වොයිස් ඔබට අනතුරු හගවා සිටි .
ආණ්ඩුවේ උපාය මෙය නම් මෙයට ජන්ද දායකයා ලබා දිය යුතු හොදම පිළිතුර නම් කිසිම හේතුවකට තම ජන්දය භාවිතා නොකර සිටින නිසයි . ඔබගේ එක් ජන්දය මෙරටේ විශාල පරිවර්ථනයක් කරනු ඇත .මේ අත්තනෝමතික පාලකයින්ට දිය හැකි එකම අතුල් පහර ඔබගේ වටිනා ජන්දයයි. ජන්දය දින උදෙන්ම නොවරදවාම ඔබගේ ජන්දය ප්‍රකාශ කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇරඹුමට දායක වන්න. මෙම ජන්දයෙන් රජය පෙරලා දැමිය නොහැකි උවද භීෂණය, දූෂණය හෝ මුදලට හෝ වෙනත් බලයකට වඩා ඔබේ ජන්දය බලවත් බව පාලකයින්ට මතක් කර දීමට මෙවර ජන්දය මෙම අත්තනෝමතික පාලකයින්ට එරෙහිව ලබා දී ඔබගේ සමාජ මෙහෙවර ඉටු කරන මෙන් ඔබට ඇරයුම් කරමි .
අපි හිතවත් කමට හෝ , මුදලට හෝ බලයට යට නොවන පිරිසක් බව මේ ජන්දයේදී පාලකයන්ට ඒත්තු ගන්වමු .
තම පෞද්ගලික වාසියට වඩා රටේ මතු දරු පරපුරේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින තවත් එක් සාඩම්බර ජන්ද දායකයෙකු වන්න .
අද දින ඔබගේ සමාජ මෙහෙවර ඉටු කොට හෙට දිනයේ ආඩම්බර ජන්ද දායකයෙකු වනවාද ඔබගේ සමාජ මෙහෙවර අතපසු කොට හෙට දිනයේ කණගාටු වනවාද යන්න ඔබ සතු වග කීමකි .
ලංකා ඊ වොයිස් .

No comments:

Post a Comment