Monday 31 March 2014

පළාත් දෙකේ ජනතාව පරාද කරපු ලැයිස්තුව මෙන්න...

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිපලවලට අනුව හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනකු මෙවර පරාජයට පත්ව ඇත.
ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බස්‌නාහිර පළාත් සභාව නියෝජනය කළ නවුසර් ෆවුසි, සරත් සුමනසේකර, ලයනල් කාරියවසම්
ගාමිණී සිල්වා, දයාකාන්ත පෙරේරා, අශෝකා ලංකාතිලක, කීර්ති උඩවත්ත, තිලකරත්න රාජපක්‍ෂ, මහින්ද කුරුවිට, රේණුක පෙරේරා, සුමිත් සොයිසා, මොරිස්‌ ජයරත්න, ජානක සූරියබණ්‌ඩාර, රෙහෙන්සිරි වරාගොඩ, දර්ශන මල්ලව, තුෂාර පෙරේරා, ගොඩ්ෆ්‍රි කුරේ, විකුම් ගුණසේකර යන අයට මන්ත්‍රීධුර අහිමි විය.

එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ටී. එම්. යුසුප්, රන්දිර් රොද්‍රිගු, සිරිකමල් ෆලිෂියස්‌, චන්ද්‍රසෝම සරණලාල්, කිත්සිරි මංචනායක යන අයටද මන්ත්‍රී ධුර අහිමි විය.

මෙයට අමතරව එජනිසයෙන් නවකයන් ලෙස සෙනල් වෙල්ගම, රෝහණ අබේගුණවර්ධන, සුනෙත්‍ර ලාල් ප්‍රනාන්දු, ප්‍රසන්න සංජීව, සහන් ප්‍රදීප්, සමන්මලී සකලසූරිය, සුසාර දිනාල්, නිරෝෂ් දිල්ෂාන්, උපුල් රාජිත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග, මංජුල බුද්ධදාස, ප්‍රදීප් රූපසිංහගේ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තුෂාර වජිර පෙරේරා යන අය පළාත් සභාවට තේරී පත්වූහ.

එමෙන්ම ජගත් විතාන, ප්‍රියන්ත සිල්වා, ප්‍රේමශාන්ත පෙරේරා, කාවින්ද ජයවර්ධන, රොයිස්‌ ප්‍රනාන්දු, පුෂ්පකුමාර ද සිල්වා, එස්‌. එම්. මරික්‌කාර්, උදාර රත්නායක, රොඩ්නි ප්‍රෙෂර් යන අය එජාපයෙන් නවකයන් ලෙස තේරී පත්වූහ.

මීට අමතරව රවීන්ද්‍ර යසස්‌, අරුණ දීපාල්, රාජිත රංග හපුආරච්චි, අනුරුද්ධ ලේකම්ගේ අශෝක දයාරත්න, ඉන්දික මනීෂ බණ්‌ඩාර, සුසිල් කිඳෙල්පිටිය, නලින් ප්‍රදීප් උඩවෙල යන අය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන්ද කේ. ඩී, ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, යන අය ජවිපෙන්ද එස්‌. කැනවර්සන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ද නවකයන් ලෙස තේරී පත්ව සිටිති.

දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක සිරි විඡේවික්‍රම මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 18 දෙනකු පරාජයට පත්ව ඇත.

එ.ජ.නි. සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 13 දෙනකුද පරාජයට පත් වී ඇත. පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා හා හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු පරාජයට පත් වී තිබේ. ජ.වි.පෙ. හිටපු මන්ත්‍රීවරයකුද, මෙවර මැතිවරණයේදී පරාජයට පත් විය. එමෙන්ම සන්ධානයේ සිට එ.ජා.ප. යට එක්‌වූ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ආනන්ද පත්මසිරි කාරියවසම් මහතා ද පරාජය විය. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ එ.ජ.නි. සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිසිර කුමාරරත්න ,ගා/දෙනෙත්ති, ලසන්ත විඡේනායක, එස්‌. එල්. ජයවීර, ඡේ. කේ. ඩී. ජයවික්‍රම, අජිත් ප්‍රසන්න යන මහත්වරු මෙසේ පරාජයට පත් වූහ.

මෙවර මාතර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළ සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිනි අනර්කලී ආකර්ෂා මෙනවියද පරාජයට පත් වූවාය. මීට අමතරව මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිලංග හෙන්දාවිතාරණ, ජයන්ත කොඩිතුවක්‌කු, බන්දු රණවක යන මහත්වරුද පරාජයට පත් වූහ.

මාතර දිස්‌ත්‍රික්‌කයේ හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වින්දන හපුතන්ත්‍රි මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත් විය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එ.ජ.නි. සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිරිපාල ජයවීර, ගුණසෝම වික්‍රමසිංහ, එස්‌. වී. පී. ආනන්ද යන මහත්වරු ද පරාජයට පත් වූහ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ හිටපු එ.ජා.ප. මන්ත්‍රී සෝමපාල ඒකනායක හා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රි මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත්වූහ.

මේ අතර නවක මන්ත්‍රීවරු 16 දෙනකු දකුණු පළාත් සභාව සඳහා තේරී පත් වී ඇත.

එ.ජ.නි. සන්ධානයෙන් නවක මන්ත්‍රීවරු 09 දෙනකු තේරී පත්වී ඇති අතර එ.ජා.ප. යෙන් තේරීපත් වී ඇති නවක මන්ත්‍රීවරු සංඛ්‍යාව තිදෙනෙකි. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නවක මන්ත්‍රීවරු තිදෙනකු තේරී පත් වී ඇත.

ජ.වි.පෙ.න් හිටපු නියෝජ්‍ය ඇමැති නිහාල් ගලප්පත්ති මහතා තේරී පත් වී ඇති අතර ඔහු පළාත් සභාවට නවකයෙකි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ, ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ, චානක සම්පත් මාදුගොඩ, ආරියවංශ සම්මු යන අය තේරී පත් වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස අමරසිරි කුරුවගේ, පත්මසිරි ද සිල්වා යන මහත්වරුන් තේරී පත් වී ඇත.

මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා හා සරත් අල්විස්‌ යන මහත්වරුන් තේරීපත් වී තිබේ. එ.ජා.ප. යෙන් චතුර ගලප්පත්ති මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස තෙරී පත් වී ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් රංජිත් මුණසිංහ මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී තිබේ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයේ නවක මන්ත්‍රීවරු ලෙස තේරීපත් වී ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ එම්. කේ. රංජිත් (චන්ඩි මල්ලී) මහතාගේ පුත් එම්. කේ. කසුන් හා සුජිත් මුතුකුමාරණ, සිරිල් සමන් කුමාර යන මහත්වරුන්ය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයකු වන නිහාල් වෙදආරච්චි හා ටී. වී. කේ. ගාමිණී යන මහත්වරු එ.ජා.ප. යෙන් නවක මන්ත්‍රීවරු ලෙස තේරී පත් වී ඇත.


No comments:

Post a Comment