Sunday 9 March 2014

ජේ.වී.පෙ නායකයාගේ අන්තවාදය

ඔබ මෙම ප්‍රකාශ පටලව ගන්න එපා....!

එක ආගමක්, එක ජාතියක් පාගලා තව ආගමක්, තව ජාතියක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ..

ජනතා විමුක්ති පෙරමුන පාලනයක් යටතේ 
අන්තවාදයට කොහෙත්ම ඉඩක් නැහැ...
(ජනතා විමුක්ති පෙරමුණ 
නායක අනුර දිසානායක)

සම අයිතිය පිළිගන්නවා.. 
දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ....!

සිංහල හා දෙමළ ජාතීන් හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි. ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

මන්ත්‍රී වරයා එහිදී මෙසේද කීය,

එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ

No comments:

Post a Comment