Wednesday 5 March 2014

ගුරුතුමියගෙන් ලිංගික අල්ලසක් ගත් පාසල් සිසුවාගේ කතාව....

පාසල් ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරිනවා යැයි බිය කර රුපියල් ලක්ෂ 3ක කප්පම් මුදලක් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙකු පිලිබඳ පුවතක්නාවලපිටිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. සිද්ධියට මුහුණ පා ඇත්තේ නාවලපිටිය නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක අවිවාහක තරුණ ගුරුවරියකි.

ඇගේ ඡායාරූප අඩංගු දත්ත කොපියක් (මෙමරි කාඩ් එකක්) මීට මාස 3කට පෙර අත් බෑගයේ තිබියදී නැති වී ඇති අතර කිසියම් අයෙකු එහි තිබූ ඡායාරූප යොදා මුහුණු ‍පොතේ (ෆේස් බුක්) ගිණුමක් අරඹා තිබුණේ අසභ්‍ය ලිපියක්ද යොදමිණි.


මින් කලබල වී සිටි ඇයට ලැබි ඇති දුරකථන ඇමැතුමකින් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 3ක් නුදුන්නොත් ඇගේ අනෙක් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවය.


මේ අතර ඇගේ පියයුරේ තිබූ ගැටිත්තක් හේතු කොට ගෙන පියයුරු පිළිකා පරීක්ෂාවක් සඳහා ඇය විසින් ලබාගත් ඡායාරූප කිහිපයක්ද එම

දත්ත කොපියේ ඇති බවට ඇයට මතක් වී එම කප්පම් කරුට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 3ක් දීමට නොමැති බවත් රුපියල් පනස් දහසක් දිය හැකි බවත්ය.

කෙසේ හෝ එම මුදල රැගෙන නාවලපිටිය නගරයට එන ලෙස කප්පම් කරු තර්ජනය කිරීම නිසා ඇය මේ බව නාවලපිටිය ‍පොලීසිය වෙත හොර රහසේ පැමිණිලි කොට තිබුණි.


කප්පම්කරු මුදල් රැගෙන එන ලෙස කිවූ දිනදී අපරාධ අංශයේ කාන්තා ‍පොලිස් කොස්තාපල්  (3666) සමන්මලී සමග ඇය ඔහු කිවූ ස්ථානයට පැමිණියේ කඩදාසිවලින් කපා සකස් කළ කප්පම් මුදල ද රැගෙනය.


ගුරුවරියට මෙම කාර්යයට බිය වුවද සිවිල් ඇඳුමෙන් සැරසී සිටි ‍පොලිස් කොස්තාපල්වරියගේ මැදිහත්වීම මත කප්පම්කරු දැන්වූ ස්ථානයට ගියද ඔහු නැවත දුරකථන ඇමැතුමක් දී කියා ඇත්තේ වෙනත් ස්ථානයකට එන ලෙසය. 


මෙලෙස පැය දෙකකට අධික කාලයක් ගුරුවරිය නොයෙක් ස්ථානවලට ගෙන්වමින් කප්පම් මුදල ලබාගැනීමට උත්සාහ කරන අතර තුළ ‍පොලිස් නිලධාරිනිය තරුණයෙකු කෙරෙහි විපරමින් සිට ඇත.

අවසානයේ නාවලපිටිය දුම්රිය‍පොළට ආසන්න රේල් බෝක්කුව අසලට එන ලෙස කියා කප්පම් ගැනීමට සැරසෙද්දී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සොයා බැලීමේදී මෙම තරුණයා ගුරුවරියගේ මවගේ ගෝලයෙකු බව හෙළිවී ඇත. ඇය නාවලපිටිය දෙමළ විදුහලක හිටපු ගුරුවරියකි. 


මෙම තරුණයාගේ මව නාවලපිටිය නගරයේ පවත්වාගෙන ගිය කුඩා වෙළෙඳසලක් තුළ මෙම ගුරුවරිය දැන හැඳුනුම්කම මත මීට මාස තුනකට උඩදී තබාගිය අත්බෑගයේ තිබි මෙම ඡායාරූප අඩංගු මෙමරි කාඩ්පත මෙම තරුණයා ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

පරිගණක සම්බන්ධ දක්ෂයකු වන මොහු ගුරුවරියගේ ඡායාරූපයක් යොදා මෙසේ ෆේස් බුක් ගිණුමක් අරඹා තිබි ඇත. මොහු ඉන්දියාවට යාම සඳහා සූදානම්ව සිටියද ඒ සඳහා මුදල් නොමැතිකම නිසා මෙම ගුරුවරියගෙන් මෙලෙස මුදල් ගැනීමට උත්සාහ ගෙන ඇත.


No comments:

Post a Comment