Tuesday 18 March 2014

ජනධිපතිතුමා දෙනියායට කරපු රෙද්දක් නැහැ....

2014-03-17 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උරුබොක්ක,දෙනියාය ප්‍රදේශයේ විවුර්ත කිරීම් කිහිපයක් සදහා පැමිණීමට නියමිතව තිබු අතර දෙනියායේ සාමාන්‍ය ජන ජීවිතය දවස් කිහිපයක සිට වෙනස්ම මුහුණුවරක් ගත්හ.පුංචි පාලම් බෝක්කු රාශියක්  ප්‍රතිසංස්කරණය කෙරින.පාර දෙපැත්තෙහි කණු අලුතින්ම ඉදිකරන්නට විය.මග දෙපස කපට දමන්නට විය.දෙනියායට රාජ්‍ය නායකයකු පැමිණෙන්නේ වසර 10කට පමණ පසු බැවිනි.සියල්ල සම්පුර්න කිරීමට උත්සහ කල අතර අතපසු වීම් ද තිබිණි.
දෙනියාය මාධ්‍ය විද්‍යාලයේ රත්නායක විද්‍යාගාරය විවුර්ත කිරීමට නියමිතව තිබිණි.පාසලේ ළමුන් තුර්ය වාදක කණ්ඩායම් ,පිළිගැනීමේ ගීතය,දේශාභිමාන ගීත,දේශාභිමාන රංගන සියල්ල රාජ්‍ය නායකයා වෙනුවෙන් සුදානම් කර තිබිණි පාසල් ප්‍රධාන ශාලාවේ 1200 පමණ පිරිසක් අසුන් ගෙන සිටියහ.එහෙත් සිදුවුයේ කිසිවකු නොසිතු දෙයකි.අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණියහ,විද්‍යාලයේ රත්නායක විද්‍යාගාරය විවුර්ත කිරීමේ පිත්ත පටිය කපා එතුමා විනාඩි 10 හෝ කාලයක් දෙනියායේ නොරැදී පිට වී ගියේය.ජනතාවගේ සියලුම දේ නිෂ්පල විය.මුදල් නාස්ති විය.කාලය නිකරුනේ ගෙවී ගියේය.එබැවින් මිනිසුන් විද්‍යාලිය ශාලාවෙන් එලියට බැස ගියේ,ජනාධිපතිතුමා දෙනියායට කරපු රෙද්දක් නැහැ..දෙනියාය වැඩ කරේ දහනයකයි,සාගලයි විතරයි කියමිනි.   

No comments:

Post a Comment