Monday 24 November 2014

බස්නාහිර මහා ඇමති උදය ගම්මම්පිල...දිවුරුම් දීම....

බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.
මෙහිදී වැඩිම අවධානය යොමුව ඇත්තේ බස්‌නාහිර පළාත් සභාවට වන අතර ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහාත් මහජනතාව තුළ යම් පිබිදීමක්‌ ඇතිකිරීම සඳහාත් එය අතිශය වැදගත් බව විපක්‍ෂයේ අදහස වී තිබේ.

එහිදී මහ ඇමතිවරයා ලෙස ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතය.

බස්‌නාහිර පළාත් සභා අයවැය දෙසැම්බර් 1 සිට 4 දක්‌වා පැවැත්වේ.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 54ක් හිවී තිබෙන අතර විපක්ෂයට 48ක් හිමිව තිබේ.

මේ අතරින් හෙළ උරුමයේ උදය ගම්මන්පිල හා නිශාන්ත වර්නසිංහ මහතා හා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක්ද පොදු විපක්ෂයට් එක වනු ඇතැයි  ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි. මෙලෙස පැමිණෙන පිරිස 5කට වඩා වෙතැයිද දැන ගැනීමට තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්වියත් ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි මත පළවී තිබේ

එමෙන්ම පළාත්පාලන ආයතන 60ක පමන බලය ඉදිරි සති කිහිපය තුලදී  වෙනස් වනු ඇතැයි විපක්ෂයේආරංචි මාර්ග පවසයි.



No comments:

Post a Comment