Monday 10 November 2014

වෙබ් අඩවි වාරණය තරයේ හෙලා දකිමු

රාජ්‍ය හා ජනතා විරෝධී පාලනය හෙළිදරව් කරමින් වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි theindependent.lk වෙබ් අඩවිය යළිත් වතාවක් අවහිර කිරීමට රාජපක්ෂ රෙජීමයෙ බත්ගොට්ටන් විසින් පියවර ගෙන තිබේ.

මීට ඉහත පසුගිය මැයි මාසයේදී ඉන්ඩෙපෙන්ඩන්ට් වෙබ් අඩවියට පිවිසීම රාජපක්ෂ රෙජීමය විසින් අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට බලපෑම් එල්ල කර බාධා කිරීම් සිදු කළේය. පසුගිය මැයි 29 වන දින මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ මුත් අද දක්වා ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට එම කොමිසම කටයුතු කළේ නැත.

එහෙත් වෙබ් අඩවි වාරණය පිළිබඳව එකසත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් සකච්ඡාවට ගැනුනු අතර එම හේතුව නිසා ඉන්ඩෙපෙන්ඩෙට් ඇතුළු වෙබ් අඩවි කිහිපයක වාරණය කඩින් කඩ ඉවත් කිරීමට කටයුතු කෙරිනි.
එහෙත් දිගින් දිගටම කරනු ලබන මෙවනි මාධ්‍ය වරණයන් තරයේ අප හෙළ දකිමු.රටක් දියුනුව හා සදාචාරය ආරක්ෂා කර ගැනීමට මාධ්‍ය විශාල කර්ය භාරයක් කරන බව සමාජ විශ්ලේෂකයින්ගේ මතය වේ.  

No comments:

Post a Comment