Wednesday 12 November 2014

කොමියුනිස්ට් පක්ෂයේ සහාය කරුටද? සෝභිත හිමිටද?

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන යෝජනාවක් නිසා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ  09 වැනි දා සවස පැවැති මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
එහි මහ‍ලේකම් ඩිව් ගුණසේකර මහතා මෙම යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 26 ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14 ක් ලැබි ඇත. මධ්‍යම කාරක සභාවේ එක් සාමාජිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇතැයි වාර්තා වෙයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබියදී එසේ නොකර නැවත මැතිවරණයකට යාම පිළිබඳව පිරිසක් දැඩි විවේචනයක යෙදී ඇත. එහෙත් බහුතර බලයකින් මෙම යෝජනාව සම්මත කර ගත් බව එහි මධ්‍යම කාරක සභික රාජා උස්වැටකෙයියාව මහතා පැවසීය.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොමුයුනිස්ට් පක්ෂය තුළ ද බෙදීමක් ඇති වී ඇති අතර එහි පිරිසක් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment