Wednesday 12 November 2014

ජොන්ස්ටන්ගෙන් මෙත්‍රීපාල සිරිසේනට කනේ පහරක්

ංචාරයක නියැලීමට පිටත්ව යන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ විශේෂ අමුත්තන්ගේ මැදිරි පර්යන්තයේදී අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවී ඇති බව වාර්තා වේ
පසුගියදා දකුණු කොරියාවේ ජවිපෙ ශාඛා සමිති විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණ මාලාවක් ඇමතීම සඳහා දකුණු කොරියාවේ ස
අනුර කුමාර දිසානායක මහතාගේ වැව් දස දහසේ ව්‍යාපෘතියට තදබල ලෙස පහරදෙමින් ‘වැව් හදනවා කියල ජේවීපී එක කලේ නිදන් හාරපු එක' යනුවෙන් රූපවාහිනී විවාද වලදී තපුල්ලන ජොන්ස්ටන් ඇමතිවරයාගෙන් ජවිපෙ නායකයා අසා ඇත්තේ ‘ ආ ඇමතිතුමා කොහෙද යන්නෙ? ' කියාය. ඊට පිලිතුරු නොදුන් ජොනී ඇමතිවරයා පෙරළා එම ප්‍රශ්නයම අනුර කුමාරගෙන් අසා ඇත. ඊට පිලිතුරු දී ඇති අනුර කුමාර දිසානායක මහතා තමා පක්ෂයේ සම්මන්ත්‍රණ කීපයක් ඇමතීම සඳහා දකුණු කොරියාවට යන බව සඳහන් කර තිබේ.
විනාඩි කීපයකට පසුව අනුර කුමාරගේ පැනයට පිලිතුරු දී ඇති ජොන්ස්ටන් ඇමතිවරයා පවසා ඇත්තේ තමා ‘ආතරයිටීස් ඉන්ජෙක්ෂන් එකක් දණහිසට ගසා ගැනීම සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යන බව' යි.
‘ඉතිං ඇමතිතුමා ඕක ලංකාවෙ හොස්පිට්ල් එහෙකින් ගහගන්න තිබ්බනෙ' කියමින් අනුර කුමාර දිසානායක මහතා ජොනී ඇමතිවරයාගේ පිලිතුරුට ප්‍රතිචාර දක්වා ඇත. ‘මෙහෙ හොස්පිට්ල් ෂුවර් කරන්ඩ බෑ අනුර. මම මගේ සේරම මෙඩිකල් චෙකප් කරන්නෙ මවුන්ට් එලිසබෙත් එකේ' යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ.
මෙම කතාබහ අසාඋන් ජොනී ඇමතිතුමා ගුවන්තොටුපොලට ඇරලීම සඳහා පැමිණි අයෙකු තම මිතුරෙකුට පවසා ඇත්තේ ‘අපේ ජොනිය මහ හරකෙක්' කියාය. ඒ ඇයි දැයි මිතුරා ඇසූ විට ඔහු දී ඇති පිලිතුර හුදී ජන පහන් සංවේගය උදෙසා මෙහි සඳහන් කරනු වටී.
‘ඇයි බං උඹට තේරෙන්නැද්ද කාට කිව්වත් අනුර කුමාර දිසානායක වගේ එකෙක්ට ඇත්ත කියන්න වටිනවද? අනුරයා පාර්ලිමේන්තුවෙ ඕක නොකිව්වොත් මං මගේ කණ කපනව. ඔය වගේ උත්තර දෙන්න ඕනෙ යූඑන්පී කාරයින්ට. උන් කන බොන එවුන් උන්ට ඕවා ගාණක් නෑ. අනික ජොනියා මේ වගේ බොරු ෂෝ දාන්නෙ කාටද? මොකාට දැම්මත් ජේවීපී කාරයින්ට බොරු ෂෝ දාන්න හොඳ නෑ. මොකද උන් දන්නව ජොනියා ඉස්සර හිටපු හැටි. කුරුණෑගල ඉදන් කොළඹ එනකොට පාර අයිනෙ පෙට්ටි කඩයක් ළඟ නවත්තල පොල්සම්බෝලයිරෝස්පානුයි කාලා ප්ලේන් ටී ගහපු හැටි. එහෙව් ජොනියා අද කන්නෙ ‘ඉංග්ලිෂ් බ්රෙක්ෆස්ට්' විතරයි. තුන් වේලටම ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් කාල ඌරෙක් වගේ මහත් වුනහම ඇඟේ බර දණිස්වලට දරා ගන්ඩ බෑ. ඒකයි ඔය ආතරයිටීස් කියල හිතාගෙන දණිස් වලට ඉන්ජෙක්ෂන් ගහන්න මවුන්ට් එළිසබෙත් යන්නෙ'

No comments:

Post a Comment