Wednesday 19 November 2014

ජනාධිපතිවරණය තවත් අවුරුදු 2කින් කල් යයි.


ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසු ප්‍රශ්න දෙකට ලැබුණු පිළිතුරු මෙසේය.
1. තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? පිළිතුර –  හැකිය.
2. වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද ? පිළිතුර  - නොහැක.  දෙවන වාරය සම්පුර්ණයෙන් ගත කල යුතුය.
ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ කියවුයේ ඉහත පළමු කොටස පමණකි.  එම කොටස අතින් ලියා දී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. 

                          මෙම ශ්‍රේෂ්ඨාධිකරණ උපදේශය සමග නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ 2016 නොවැම්බර් 19 වෙනි දිනයෙන් පසුවය.එයට හේතුව වන්නේ ආණ්ඩුව හා ආණ්ඩුවාදීන්ගේ මතය වන්නේ ජනාධිපතිවරයා දෙවන වර දිවුරුම් දී තිබෙනුයේ 2010 නොවැම්බර් 19 දිනය.එබැවින් එදින සිට තවත් වසර 6ක් ගත වන්නේ 2016 නොවැම්බර් 19 වෙනි දිනටය.එහෙයින් ප්‍රවීන දේශපාලන වේදීන්ගේ මතය වන්නේ මෙම තීන්දුව බලාත්මක වන්නේ නම් තවත් වසර 2කින් ජනධිපති මැතිවරණයක් නොමැති බවය .

No comments:

Post a Comment