Thursday 13 November 2014

නන්දන ගුණතිලකගේ යන නොයන තීරණය මෙන්න


1994දී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු 89 න් පසු එම පක්ෂය යළි ගොඩනැඟීමට කටයුතු කළ අයෙකි.
හෙතෙම කළුතර දිස්ත්‍රීක්කයෙන් තෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.
ශ්‍රීලනිපය සමග ජවිපෙ එක්වී ගොඩනැඟු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස පත්වුයේද නන්දන ගුණතිලක මහතාය.
ඔහු වරක් ජනපති අපේක්ෂයෙකු ලෙස වාමාංශික පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් විය.
පසුව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්ධූරය ද හෙබවූ ඒ මහතා සන්ධාන රජයේ සංචාරක අමාත්‍යවරයා ලෙසත්, තැපැල් ඇමතිවරයාත් ලෙසත් කටයුතු කරන ලදී.
අනතුරුව ශ්‍රීලනිපයට එක් වූ ඒ මහතා මේ දක්වා පානදුර නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි.
එහෙත් වර්තමානයේ ක්‍රියාත්මක වන රාජපක්ෂ රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත පාලනයට එරෙහිව විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට ඔහු තීරණය කර ඇති බවත්, ඒ ගැන හෙට (14) පෙරවරුවේ පිටකෝට්ටේදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු හෙළිකරන බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි..

No comments:

Post a Comment